Hirunews Logo
%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%2C+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Monday, 04 December 2017 - 11:12
අසම්මතය, ජීවිත දෙකකින් වන්දි ගෙවයි
199

Shares
23,972

Views
ඇගේ නම කාන්ති හේමලතා.

පදිංචිව සිටියේ මාලිබොඩ රංවල ප්‍රදේශයේ.

ඇය දියණියන් දෙදෙනකුගේ මවක් වන අතර එක දියණියක් වයස අවුරුදු හතරක්‌.

අනෙක් දියණියට අවුරුදු 7ක්.

දැරණියගල ප්‍රදේශයේ බේකරියක සේවය කරන අගේ සැමියා නිවසට පැමිණෙන්නේ සතියකට වතාවක්‌ පමනයි.

ඒ එන හැමවිට ම  සතියකට සෑහෙන්න නිවසට සැහෙන්න සියලුම දේ ගෙන එන ඔහු දරුවන්ගේ හා බිරිඳගේ ඕනෑ එපාකම් සොයාබලා තිබෙනවා.

එහෙත් සතියක් යනතුරු බලා සිටීමට හේමලතා මැලි වී අතර ඇය ඒ සතිය ඇතුළත විවිධ පුද්ගලයන් නිවසට ගෙන්වා ගත්හා.

එසේ ඇය සිය "අගහිඟකම්" සපුරා ගනිද්දී සැමියා සිතුවේ ඇය තමන් එනතුරු පාළුවේ මග බලා සිටින බවයි.

මෙසේ කලක් යනවිට හේමලතාගේ මෙම ක්‍රියාව ගැන සැමියා හැර ගමේ සියල්ලන් හොඳින් දැන සිටියා.

ටිකෙන් ටික හේමලතාගේ පහස තකා එන සලෙලුන් ඉහළ ගිය අතර ඇයද ඒ හැම සමග යහන ගත වුයේ කිසිවෙක් ප්‍රතික්ෂේප නොකරමින්.

ඒ අතර එක පුද්ගලයෙක් විශේෂ වුනා.

ඒ ඔහු අන් ය මෙන් හිස් අතින් නොපැමිණ බඩු මල්ලක්‌ ද, ටොපි චොක්‌ලට්‌ ටිකක්‌ ද නිතර් රැගෙන ඒම නිසාවෙන්.

රූපේ නම් වූ ඔහු එනතුරු හේමලතාගේ දරුවන්ද මග බලා සිටියේ ඔවුන්ටද ඔහු මොනවා හෝ රැගෙන එන නිසාවෙන්.

සුසන්ත නම් පුද්ගලයාද මේ නිවසට නිතර ආ ගියා හේමලතාගේ තවත් "සැමියෙකු"වුවා.

හේමලතා ද අනෙකුත් හොර මිනිසුන්ට වඩා රූපසිංහට ඇඟෑලුම්කම් පෑම සුසන්ත ඉවසුවේ නැහැ.

පසුගිය දිනක හේමලතාගේ නිවසේ රූපසිංහ සිටින අවස්‌ථාවක සුසන්ත ද කඩාපාත් වුනේ අගේ පහස ලබා ගැනීමටයි.

එහෙත් ඒ වනවිටත් හේමා,රූපේට තුරුලු වී සිටියා.

එය දුටුවිට සුසන්තට ඉවසුම් නැතිව ගිය අතර සුසන්ත රූපේට බැණ වදින්නට පටන් ගත්තා.

බහින්බස්‌වීම දුරදිග ගිය අතර හේමලතා රූපේ වෙනුවෙන් පෙනීසිටින්නට වුනා.

අවසානයේ  සුසන්තට නිවසින් දොට්‌ට බහින ලෙස අණ කරන්නට තරම් ඇය රූපේ ට ළංව සිටියා.

ඒ සමග ම සුසන්ත මාරාවේෂ වූ සුසන්ත  "අද මම තොපි දෙන්නව කම්බස්‌ කරනවා" කියමින්  ඉනේ ගසාගෙන සිටි වක් පිහිය අතට ගෙන රූපේ දෙසට පැන්නේ දෙකින් එකක් බේරා ගැනීමේ අටියෙන්.

රූපේ එළියට පැන දිව ගියේ දිවි බේරා ගැනීමටයි.

සුසන්ත රූපේ ලුහුබැඳ පිට හරහා පිහි පහරක්‌ එල්ල කළ අතර එයින් රූපේ කරකැවී ගොස්‌ බිම පත බෑවුන පසු  සුසන්ත, ඔහුට තවත් පිහි පහරවල් දෙක, තුනක්‌ එල්ල කළේ මරාවේෂයෙන්.

ඒ කාර්ය හමාර කළ සුසන්ත නැවත හේමලතාගේ නිවසට දිවැවිත් ඇයගේ දිගු වරලසින් අල්ලා එය දෙතුන් තැනකින්ම කපා දැමුවා.

ඒ සමගම හේමලතාගේ හිසට ද පිහියෙන් කොටා එයින් ද සෑහීමකට පත් නොවී වක්‌ පිහියෙන් හේමලතාට කොටාගෙන, කොටාගෙන ගියේ සහාසික මිරිමරුවෙකු පරිද්දෙන්.

හේමලතා මරළතෝනි දී බිම අද වැටුනා.

එම හඬ අසා  දිව ආ ඇයගේ දරුවන් දෙදෙනාට ද මිනීමරුවා පිහියෙන් කෙටුයේ තිරිසන්කම උපරිමයෙන් පෙන්වමින්.

දරුවන්ගේ කෑගැසීමත් සමඟ අසල්වාසීන් දිව එන්නට පටන් ගත අතර සුසන්ත නිවසින් එළියට පැන දිව ගියා.

පිහි පහර කා වැටී සිටි දරුවන් දෙදෙනා ඒ මොහොතේම ගම්වාසීහු අවිස්‌සාවේල්ල රෝහලට ගෙනයන විට හේමා සහ රූපේ ඒ වන විටත් ජීවිතයෙන් සමුගෙන අවසන්.

මිනීමරු සුසන්ත තේ වත්තක අතහැර දැමූ බංගලාවක සැඟවුන අතර දැරණියගල පොලිසිය සුසන්තට භාර වන ලෙස දන්වා සිටියා.

ඔහු එය කනකට නොගත් තැන පොලිසිය පාළු බංගලාව වට කර සුසන්ත අත්අඩංගුවට ගෙන අවිස්‌සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අද(04) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කළා.

විසිහත් හැවිරිදි සුසන්ත ගෑනු පස්‌සේ යන සල්ලාලයෙක්‌ පමණක්‌ නොවන අතර  ඔහු මීට පෙර ද දෙදෙනකු පිහියෙන් කපා පොලිස්‌ ඇප පිට සිටින ප්‍රදේශයේ නම ගිය දාමරිකයෙක්.

ඔහු නිවසේ ඉන්නේද ට ද පිහිය ඉනේ රඳවාගෙනයි.

ඒ ඔහු වෘත්තියෙන් තේ දලු කඩන්නෙක්‌ සහ තේ ගස්‌ කප්පාදු කරන්නෙක් වන නිසා රස්‌සාවේ හැටියට පිහිය අනිවාර්ය මෙවලමක් වීම හේතුවෙන්.

නිසි අධ්‍යාපනයක් හෝ නොමැති මොහු බුද්ධියෙන් කටයුතු කරන්නෙකු නොවෙයි.

හේමලතා ද සියුමැලි, හුරුබුහුටි රූබර කාන්තාවක්‌ නොවන අතර  ගත වැහැරුණු, සම අවපැහැගැන් වූ අන්ත දිළිඳුකමත් සමඟ දිරාපත් වූ කාන්තාවක්.

වයස අවුරුදු හතළිස්‌ පහක්.

හේමලතාගේ මුල් පදිංචිය දැරණියගල පොල්වත්ත ප්‍රදේශයයි.

පළමු විවාහය අහවර කොට සැමියා සහ දරුවන් තිදෙනා අතහැර මාලිබොඩ, රංවල ප්‍රදේශයට පැමිණ ඇත්තේ දෙවැනි සැමියා සමඟයි.

දෙවන සැමියාට දාව හේමලතාට දරුවන් දෙදෙනකු ද සිටිනවා.

රංවල ගමේ මේ දරු පවුල පදිංචි වී සිට ඇත්තේ කටු මැටි පුංචි පැල්පතකයි.

හීන් කෙඳිරියත් එළියට ඇසෙන ඒ පුංචි පැල්පතේ තම දරුවන් සිටියදී හොර මිනිසුන් සමඟ සල්ලාලකම් කිරීමට තරම් ඇය විලිලැඡ්ජාවක්‌ නොමැති කාමාතුර කාන්තාවක්‌ බවට පත්ව තිබුනා.

එහෙත් ඔවුන් ජීවත් වන පැල්පත දකින ඕනෑම සංවේදී හදවතක්‌ කම්පනයට පත්වනවා.

කටු මැටි නිවසට සෙවිලි කර තිබෙන පොල් අතු වැස්‌ම හිල් කූඩයක්‌ සේ දක්නට ලැබෙනවා.

එවැනි පැල්පතක ජීවත් වන මනුස්‌සයන්ගේ අසරණකම ගැන ඕනෑම අයෙකුට තේරුම් ගියත් ආත්ම ශක්‌තියෙන් නැඟි නොසිට වෙනත් මාර්ග තෝරා ගැනීම ගැන හේමලතාවඋපදේශයක්‌ දීමටවත් මාලිබොඩ ගමේ ද කිසිවෙක්‌ සිටියේ නැහැ.


මාලිබොඩ ගම්මානය ද සාක්‍ෂරතාවයෙන් පහළට වැටුණු මෙරට දිළිඳුම ගම්මාන අතරින් එකක්.

තේ දලු නෙළීම, රබර් කැපීම ජීවන වෘත්තිය කරගත් ප්‍රදේශවාසීන් අතර ආණ්‌ඩුවේ රස්‌සාවක්‌ කරන අය සිටින්නේ අතළොස්‌සක් පමණයි.

ඒ වගේම කලක් රට ම කැළඹු  අතකොටා රජ කළ නූරියවත්ත සහ මාලිබොඩ ගම්මානය දෙකට බෙදෙන්නේ සීතාවක ගඟෙන්.

ගඟ ගලා නොබසින්න මේ ගම් දෙකම එකක් බවට පත්වනවා.

අතකොටා වැනි දුෂකයන් අපරාධකරුවන් රජ කළ නූරියවත්තට අල්ලපු ගමේ එවැනන් සිටීම ගැන පුදුමයක් ද නොවන අතර මේ ප්‍රදේශවල අනියම් සම්බන්ධතා ද සුලබ සිද්ධි බවට පත්ව තිබෙනවා.

මාලිබොඩ ගම්මානයෙන් ද මේ අත්විඳිමින් සිටින්නේ නූරියවත්තේ අතකොටා සහ ඔහුගේ සහචරයන් නිර්මාණය කළ ඝාතන දුෂණ සංස්‌කෘතියේ දිගුවක්‌ බව කිසිවෙකුට සිතුනහොත් එය පුදුමයක් නොවෙයි.

මියගිය හේමලතා සහ පනස්‌පස්‌ හැවිරිදි රූපසිංහගේ දේහයන් භූමදානය කර අවසන්.

දරු පවුල විනාශ කළ කාලකණ්‌ණි ඝාතකයා රක්ෂිත බන්ධනාගරයේයි.

පිහි පහර කෑ අහිංසක දරුවන් දෙදෙනා ද සුවපත් වෙමින් සිටිනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
568 Views
6,605 Views
5,360 Views
4,911 Views
66 Views
38,769 Views
Top