Hirunews Logo
%E0%B6%BB%E0%B7%99%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%3F+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%AF+%3F
Wednesday, 06 December 2017 - 12:49
රෙගේ රජු මැරුවාද ? මැරුණාද ?
28

Shares
3,377

Views
රෙගේ සංගීත සම්ප්‍රදායේ නිර්මාතෘ ලෝක පූජිත ජැමෙයිකානු ගායක බොබ් මාලේ ඝාතනය කළේ තමන් බව ඇමරිකානු සී.අයි.ඒ සංවිධානයේ සිටි බව කියන නිලධාරියෙකු මරණාසන්නව රෝගීව ඇඳේ සිට ප්‍රකාශ කර ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය අන්තර්ජාලය ඔස්සේ වාර්තා කර තිබෙනවා.

ඇමරිකාවේ මේන් මර්සි රෝහලේ මරණාසන්නව සිටින 79 හැවිරිදි මෙම හිටපු සී.අයි.ඒ නිලධාරියා බිල් ඔක්‌ස්‌ලි නැමැත්තෙක්.

නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ ඡායාරූප ශිල්පියකු ලෙස වෙස්‌ වලාගත් තමා බොබ් මාර්ලි සිටි නිවසට ගොස්‌ ඝාතනය සිදු කළ බව, ඔහු ප්‍රකාශ කර ඇතැයි බිල් ඔක්‌ස්‌ලි නමැති මෙම සී.අයි.ඒ නියෝජිතයා පවසා ඇති බවට එම මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

yournewswire.com නමැති වෙබ් අඩවිය මෙය පළමුවරට වාර්තා කළා.
 
සිරුරේ ඇති වූ පිළිකා රෝගයකින් හේතුවෙන් බොබ් මාලේ 1981 මැයි 11 දින මිය ගියා.
 
එහෙත් ඉහත කි විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ තමා එම පිළිකාව සිරුරට එන්නත් කළ බව, බිල් ඕක්‌ස්‌ලි පැවසු බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්තිය ව්‍යාජ පුවතක් බව තවත් විදෙස් මාධ්‍ය පසුව වාර්තා කර තිබුනා.

එමෙන්ම ප්‍රධාන පෙළේ විදෙස් මාධ්‍ය ආයතන මෙම ප්‍රවෘත්තිය පළ කර තිබුනේ ද නැහැ.

සුදු ජාතික පියෙකුට හා කලු ජාතික මවකට දාව ජැමෙයිකාවේ දී උපත ලබන බොබ් මාලේ රස්ටාෆේරියන් ආගම අදහමින් සිටි ගායකයකු , වාදකයකු, ගී පද රචකයෙකු වූ බොබ් මාලේ ඇමරිකාවේ ෆ්ලොරීඩා හි මියාමි හීදි මිය ගියා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, "ලෝක සාමය හා ආදරය වෙනුවෙන් කරනු ලැබ ඇති සේවය" වෙනුවෙන් තුන්වැනි ලෝකයේ "සාම පදක්කම" ඔහුට පිරිනමනු ලැබුවා.

ගංජා සිය ආගම විසින් අනුමත කරනු ලැබූ දෙවියන් වෙත සමීප විය හැකි හා දෙවියන් විසින් අත්විදින සුවය අත්විදිය හැකි දේ යැයි මාලේ පිළිගෙන තිබුනා.

කැරළිගැසී ගිය කොණ්ඩය ද ආගමේ උසස් කොට පිළිගත් පැවැතුමක් බවට පත්ව තිබුනා.

One Love ගීතය මාලේ විසින් නිර්මාණය කරනු ලබන්නේ, රස්ටාෆේරියන් ආගමේ ආභාෂයෙන් බවයි සඳහන් වන්නේ.

1973 දී මාලේ ප්‍රමුඛ විලින් වේලර්ස් සිය පළමු ජාත්‍යන්තර ඇල්බමය නිකුත් කළ අතර එහි නම Catch a Fire.

කලාපයේ හා තම රටේ අමු අමුවේ උල්ලංඝනය වෙමින් පැවති මූලික හා මිනිස් අයිතිවාසිකම් හා මිනිස් ගුණාංග රැකගනු පිණිස විප්ලවීය මැදිහත් වීමක් කෙරෙහි පිරිස් සංවිධානය කිරීමේ කාර්යය මාලේ විසින් සිදු කරනු ලැබු අතර Get-up Stand-up යනු, බොබ් මාලේ විසින් සේනා සංවිධානය සඳහා ආරාධනයක් බදු වූ ගීතයයි.

එම ගීතය වටා මිනිස්සු රොද බඳින්නට පටන් ගත්තා.

විටෙක "ස්මයිල් ජැමෙයිකා" නම් ප්‍රසංගයකදී මාලේ ඝාතනය කිරීමට යම් ප්‍රයත්නයක් දැරූ අතර  තවත් විටෙක, ගංජා මගඩියට උඩගෙඩි දෙමින් ඊට අනවශ්‍ය වැදගත්කමක් ආරෝපණය කරන්නේ යැයි මාලේට එරෙහිව සමාජ විරෝධයක් මතු කළා.

බොබ් මාලේ ඇන්ඩ් ද වේලර්ස්, 70 දශකයේ අගභාගය වන විට මුළු මහත් රෙගී සංගීත ලෝකයේම කිරුළු පළදින්නට සමත් වුනා.

ගංජා හා යුරෝපීය සංචාරයකදී ඇතිවූ පාදයේ තුවාල වීමක් පිළිකාවක් දක්වා උඩු දුවා තිබීම නිසා, බොබ් මාලේගේ ජීවිතයට 80 දශකය උදා වන්නේ යහපත් සෞඛ්‍යය පිරිහුණු මිනිසෙකුගේ අවාසනාවන්ත කාලයක්.

71 දී හදුනාගත් පිළිකාව 1980 සැප්තැම්බර් මස 21 වෙනිදා  සිහිමූර්ජාවීමක් හේතුවෙන් රෝහල්ගත කරන විට අක්මාව  පෙහල්ල සහ උදරය මෙන්ම මොළය දක්වා ද ව්‍යාප්තව තිබුනා.

ජීවත්ව සිටි මාලේ  අවසන් වරට ගී ගයනු ලැබූයේ 1981 මැයි මාසයේ දී ශාන්ත පීටර්ස්බර්ග් හීදීයි.

36 වියැති රෙගේ ගායකයා  1981 මැයි මාසයේ 11 වෙනි දා ඇමරිකාවේ දී මිය ගියා.

සිගි මාලේ යනු මාලේ ගේ පුත්‍රයායි.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
473 Views
6,531 Views
5,318 Views
4,882 Views
37 Views
38,671 Views
Top