Hirunews Logo
%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%A2%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%AF%E0%B7%85+%E0%B6%B4%E0%B7%96%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Thursday, 07 December 2017 - 11:28
නරුමයන් විසින් ගජමුතු ගන්න සහාසික ලෙස මරාදැමූ දළ පූට්ටුවාගේ රහස් රැසක් හිමිනමක් හෙළි කරයි
91

Shares
10,993

Views
දළ දෙක ලබා ගැනීම සඳහා සහාසික අයුරින් මරා දැමුණු රට ම ආදරය කළ දළ පුට්ටුවා නමින් ආමන්ත්‍රණය කළ හස්ති රාජයා වෙනුවෙන් හෙට(08) හා අනිද්දා(09) දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමට ගලගමුව -කන්කනියාගම- සංඝබෝධි විහාරස්ථානයේ විහාරාධිපති සංගප්පාලේ අමරවංශ හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ කටයුතු කරමින් සිටිනවා.

මේ පිළිබඳව උන්වහන්සේ අපසමඟ මෙවන් අදහසක් පලකලා.

දළ පුට්ටුවා නිතර ම මෙම පුණ්‍ය භූමියට පැමිණීමට පුරුදුව සිටියා.

ඒ, විහාරය, මහගල්ගමුව වැව අසල පිහිටා තිබීමත්, ඒ ආසන්නයේ වෙල් යායක් තිබීම නිසා.

මේ අමරවංශ හිමියන්ගේ හඬයි .

" නියම ගජමුතු හඳුනාගන්නේ මෙහෙමයි. ගජමුතුවක් වටේට සමන් පිච්ච මල් පොහොට්ටු තැබුවාම මිනිත්තු 5කින් විතර ඒ පොහොට්ටු ඔක්කොම පිපෙනවා. බුලත් කොළේක ගජමුතු ඔතලා තිබුනොත් මිනිත්තු 5කින් පමණ ඒ බුලත් කොළය සම්පුර්ණයෙන් ම ගුරුපාට වෙනවා."

" කාටවත් කරදරයක් නොකරපු මේ හස්තියාට මේ අපරාධය කළ නරුම මිනිසුන්ට ස්වභාවධර්මයා විසින් ම දඬුවම් දෙනවා. මම වසර ගානක ඉදන් ම මේ ඇතාගේ හැසිරීම ගැන හොඳට ම දන්නවා. මද කිපෙන කාලයට උගේ එළියේ දළ දෙක හොඳට ඈත් වෙනවා. ඊට පස්සේ ආපු දළ පුට්ටු වෙනවා. උගේ එක දළයක කළු පාට පැල්ලමක් තිබුණා."

අමරවංශ හිමි ඇතුළු සිව් නමක් අත් රාජයාගේ සිරුර සොයාගත් ස්ථානයට ගොස් මතක වස්ත්‍ර පුජා කර පැන් වඩා ඇතාට පිං පැමිණවුවා.

ඒ මහා වර්ෂාව අද හැලෙද්දියි.

 



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top