Hirunews Logo
2020+%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
Tuesday, 12 December 2017 - 15:27
2020 ට පෙර නාමල් ගන්න යන වෙනස් නොවන තීරණය
86

Shares
10,381

Views
හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යනු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහලු පුතු ලෙස අප මුලින් හඳුනා ගත්තත් අද වනවිට ඔහු, ඔහුට ම අනන්‍යතාවක් ගොඩනගාගෙන තිබෙන බව කිවහොත් එය වැරදි නැහැ.

මේ, ඔහු හා හිරු කළ සාකච්ඡාවක්..........

ඔබ පවුලේ වැඩිමලා. කුඩා කාලයේදී සීයා ,පියා දේශපාලනයේ යෙදෙනවා අත්දැකලා තියෙනවා. ඒ නිසාද ඔබටත් දේශපාලනයට එන්න හිතුණේ?

නෑ ඒ කාලේ එහෙම දෙයක් හිතුණේ නෑ. හැබැයි ඉතින් අපි දේශපාලන පසුබිමක තමයි ඉපදුණේ. ඉදිහි දේශපාලනය කළ යුත්තේ කවුද , මොන කාලේදීද කියලා තේරුමක් තිබුණේ නැහැ. උසස්පෙළින් පස්සේ තමයි දේශපාලනයට කැමැත්තක් ඇති වුණේ. ඒ කැමැත්ත නිසා දේශපාලනයට සම්බන්ධ වුණා.

ඉස්කෝලේ යන කාලෙ තාත්තා මන්ත්‍රීවරයෙක්. තේරෙන කාලේ අගමැති, පස්සේ ජනපති වූණා. ඒ දේශපාලන පසුබිම නිසා පාසලේදී ළමයිගේ පිළිගැනීම කොයි විදියටද ලැබුණේ?

ඉස්කෝලේ මම ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙක් හැටියට. අවුරුදු16 ඉඳන් 19 න් පහළ කණ්ඩායම්වල සෙල්ලම් කළා. 16න් පහළ සිට ජාතික කණ්ඩායම්වල සෙල්ලම් කළා. ඉතින් ඒකත් එක්ක දේශපාලඥයෙක්ගේ ළමයෙක්ට වඩා රගර් ක්‍රීඩකයෙක් විදියට තමයි මාව හඳුනාගත්තේ. උසස්පෙළ අවසන්වන තෙක් එවැනි වාතාවරණයක් තමයි තිබුණේ.

දේශපාලනඥයෙක්ගේ පුතෙක් කියන ලොකු දැනුමක් සමාජය තුළ තිබුණේ නැහැ. රගර් ගහන ළමයි සහ පාසලේ ක්‍රීඩකයින් අතර තමයි මම ප්‍රසිද්ධ වෙලා හිටියේ.

දේශපාලනයට එද්දි යම් යම් ගැටළු ඇතිවනවා. ඔබත් දකින්න ඇති මව, පියා ඒ ප්‍රශ්නවලට මුහුණදෙනවා. එවැනි කටුක අත්දැකීම්වලට මුහුණ දෙද්දි ඔබට දේශපාලනය ගැන කලකිරුණේ නැද්ද?

දේශපාලනය පිළිබඳ කළකිරීමක් ඇති වුණේ නැහැ. දේශපාලනය කරනවනම් අපි ඒ දේවල්වලට පුරුදු වෙන්න ඕනේ. හැබැයි එක පැත්තකින් කළකිරීමක් තියෙනවා. වර්තමාන දේශපාලනයේ මඩගැසීම ,චරිත ඝාතනය හා අවස්ථාවාදී පිල් මාරුව නිසා. එවගේම අනාගතයේදී තරුණයන්ගේ දේශපාලනයට තිබෙන ප්‍රවේශය අඩුවක් ඇතිවෙයි. එවගේම කියන්න ඕනේ අද පරපුර දකින්නේ දේශපාලඥයින් හොරුන් කියලා. මේ නායකගෙන් මට අවශ්‍ය දේ ලැබෙන්නේ නෑ කියලා තවත් නායකයෙක් ළඟට යනවා. ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලනය කරනවා දකින්නේ නෑ. සුළුතරයක් සිටිනවා.

තවත් පැත්තකින් දේශපාලඥයා විසින්ම තමන්ට ‘හොරා‘ කියා ගන්නා ප්‍රවණතාවක් තිබෙනවා. තමන් තව දේශපාලඥයෙකුට හොරෙක් කියලා ඇඟිල්ල දික් කරන්නේ තමනුත් ඒ දේශපාලනයේ කොටස්කාරයෙක් කියලා අමතක කරලනේ. මෙයින් සම්පූර්ණයෙන්ම දේශපාලඥයාගේ ප්‍රතිරූපය කඩා වැටෙනවා.

ඔබට දේශපාලනය ඕපපාතිකයක් නොවෙයි. නමුත් ඔබට දේශපාලන පවුල් පසුබිමක් නොතිබුණානම් කුමන ක්ෂේත්‍රයකට සම්බන්ධවෙයිද?

අනිවාර්යෙන් මම නීතිඥ ක්ෂේත්‍රයේ සහ රගර් ක්‍රීඩාවේ නිරතවෙයි. අවුරුදු 28දී රගර් ක්‍රීඩාවෙන් ඉවත් වුණෙත් දේශපාලනය නිසා. නැත්නම් 30-33ක් විතර රගර් ක්‍රීඩාවේ යෙදෙන්න අවස්ථාව තිබුණා. දේශපාලනය නොකළා නම් නීතිඥ ක්ෂේත්‍රයේ සහ රගර් ක්‍රීඩාවෙන් තමා ඉදිරියට යන්නේ.

රජරටින් සහල්- පිටරටින් සහල් කියලා ඔබ පසුගිය දවසක ප්‍රකාශයක් කළා. ඒ පිළිබඳව කිව්වොත්?

ඒ නායකයාත් ගොවි පරපුරකින් ආ රාජ්‍ය නායකයෙක්. රටේ හැමකෙනක්ම බලාපොරොත්තු වුණා පොළොන්නරුවේ ගොවි පවුලකින් ආ රාජ්‍ය නායකයා වී ගොවියන්ට අතුරු භෝග වගාකරුවන්ට සහනයක් වෙයි, පොහොර සහනාධාර දෙයි, රටේ ජීවන වියදම , ආහාර සුරක්ෂිතාවය ආරක්ෂා කර කටයුතු කරයි කියලා.

හැබැයි අපේ ආණ්ඩුව තියන කාලේ තිබුණ ප්‍රතිපත්තිවත් ක්‍රියාත්මක කළේ නැහැ. එක පැත්තකින් පොහොර සහනාධාරය කැපුවා. වී මිලදී ගැනීම් සීමා කළා.

කෘෂිකර්මාන්ත ඇමති ගොවියන්ට උපදෙස් දුන්නා කුඹුරු අක්කර ගාණක් වැඩියි කියලා. ඒ නිසා කුඹුරු කරන්න එපා කියලා. අන්තිමට අද දේශගුණික විපර්යාසත් එක්ක සහ කුඹුරු නොකිරීම හේතු කොටගෙන අද රටේ විශාල සහල් හිඟයක් ඇතිවෙලා තියෙනවා. ආහාර හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒක නිසා පොල් ගෙඩිය පවා පිටරටින් ගෙන්වන තත්ත්වයට වැටිලා තියෙනවා. ඒ නිසා තමයි එදා උද්ඝෝෂණය කළේ ‘රට පෙරට- හාල් 60ට ‘ කියලා. නමුත් අද වෙලා තියෙන්නේ ‘රට පස්සට- හාල් 120ට‘දැන් මහජනතාව වළපල්ලට තමයි.

ඡන්දය කට ළඟ තියෙද්දි ඔබ ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන ගීතවල බලාපොරොත්තුව මොකද්ද?

මීට මාස කිහිපයකට පෙර අපි ඒක පටන් ගත්තේ . දැනටත් ගීත කිහිපයක් එළියට ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව සහ දේශපාලනය නිසා සිදුවන අසාධාරණකම් නිසා තමන්ගේ අදහස් කියා ගන්න බැරුව පිරිසක් මේ රටේ සිටිනවා.

සංගීතය, කලාව මෙයට භාවිතා කරන්න පුළුවන්. එවැනි නිර්මාණ තුළින් තමන්ට වෙන අසාධාරණය ​සමාජයට එළි දැක්වීම තමයි අපි මෙයින් බලාපොරොත්තු වෙන්නේ.

බලය තියෙන කාලේ හිටිය අය තාමත් ළඟ තාම ඉන්නවාද?

බලය තියෙන කාලේ හිටිය බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් සමාජයේ , මාධ්‍යයේ කැපී පෙනුණ අය නෑ.

එළඹෙන මැතිවරණයට කොහොමද සූදානම?

මේ දිනවල නාමයෝජනා සුදානම් කරමින් යනවා. විශාල ප්‍රමාණයෙන් නාමයෝජනා ඉල්ලීම් තිබෙනවා. හැම ගමකින්ම, හැම කොට්ඨාශයෙන්ම අවමය පස්දෙනෙක්ට වඩා ඉල්ලුම් පත්‍ර දාලා තියෙනවා.

මෙහිදි විශේෂ කාරණාවක් නම් තරුණ, තරුණියන්ගේ ඉල්ලීම් වැඩිවෙලා. කාන්තාවන් බහුතරයකගෙන් විශාල ඉල්ලීම් ප්‍රමාණයක් තියෙනවා දේශපාලනයෙන් ඉදිරියට යන්න.

මැතිවරණට ජයග්‍රහණය කිරීමට මෙහෙයුම් කටයුතු හමුබන්තොට දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කරනවා.

සෙල්ලම් කරන එක අතෑරලද?

ඉස්සර වගේ සෙල්ලම් කරන්නේ නැහැ. විනෝදෙට යාළුවෝ එක්ක, මල්ලිලා එක්ක සෙල්ලම් කරනවා. මල්ලිලාගේ ක්‍රීඩා කටයුතුවලට උදවු කරනවා. ඕනෑම ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කිරීමට ඕනෑම වෙලාවක මම උදවු කරනවා.

ගෑනු ළමයි කීදෙනෙකු කැමැත්ත ප්‍රකාශ කරලා තිබෙනවාද ? තාත්තා ජනාධිපති නිසා ඒ ආදරේ කියාගන්න බැරි වෙලා තියෙනවාද?

ගෑනු ළමයි කී දෙනෙක් මට බූට් තියලා තියනවාද.... යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒත් විශේෂ යා‍ළුවෙක් නෑ.

මල්ලිලාට ඉක්මනට විවාහ වෙන්න ඕනේ නිසා නාමල්ට ඉක්මනට විවාහ වෙන්න කියලා ඒ අය කියන්නේ නැද්ද?

මල්ලිලගේ විවාහයත් පරක්කු වෙනවා මම හින්දා. මගේ දේශපාලන කටයුතු හා අනෙකු වැඩ කටයුතු නිසා තාම වෙලාව කළමානකරණය කර ගන්න බැරි වුණා. හැබැයි අනිවාර්යෙන් ඊළඟ වසර දෙක, තුන කාලය අතරතුර විවාහ වෙනවා.

පෙර පාසල් ගියේ අම්මාගේ පෙරපාසලට නේද?

මොන්ටිසෝරි ගියේ කාල්ටන් තංගල්ලේ. ඒ කාලේ 80 ගණන් වල රටේ විශාල ප්‍රශ්ණ තිබුණා. දැනුණේ නැහැ පොඩි හින්දා. මතකත් නෑ.

ඒ කාලේ හරි විනෝදයි. සාමාන්‍යයෙන් පෙර පාසල කාලේ තමයි ළමයෙක් ගොඩනැඟෙන්නේ. ඒ කාලේ අම්මගේ පෙර පාසලෙන් අධ්‍යාපනය ලැබුවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
12 Views
1,179 Views
6,726 Views
6,541 Views
84 Views
45,338 Views
Top