හිරු හාඩ් ටෝක් - පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල

Sunday, 11 October 2015 - 21:10

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD
උදය ගම්මන්පිල මෙරට කි‍්‍රයාකාරී දේශපාලනයට ප‍්‍රවිශ්ඨ වන්නේ ජාතික හෙළ උරුමය නියෝජනය කරමින්. බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමේදී වියදම් පියවා ගැනීමට රුපියල් සියය බැගින් එකතු කිරීම නිසා ඔහු බොහෝදෙනාගේ අවධානයට ලක්වුණා. බස්නාහිර පළාතේ අමාත්‍ය ධුරයක්ද හෙබ වූ ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට සහයවීමට හෙළ උරුමය ගත් තීරණයට එරෙහි වුණා. ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයදීමට ඉදිරිපත් වන්නේ ජාතික හෙළ උරුමයේ තීරණය පිළිබඳ දැඩි විවේචන එල්ල කරමින්. මේ අතරතුර පිවිතුරු හෙළ උරුමය පිහිටුවා ගන්නා උදය ගම්මන්පිල පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කොළඹ දිස්ති‍්‍රක්කයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වනවා. අද හාඩ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිලයි.