Hirunews Logo
%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92%3F
Tuesday, 16 February 2016 - 11:38
ජාතික ධජයෙන් සිංහයා ඉවත් කරන්නැයි ඉල්ලන්නේ ඇයි?
144

Shares
17,319

Views
ජාතික ධජයෙන් සිංහයා ඉවත් කර ඊට සියලු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතයක් එක්කල යුතු බවට මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධානයක් යෝජනා කර තිබෙනවා.

ඔවුන් මෙම යෝජනාව ඉදිරිපත් කළේ  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදීයි.

ව්‍යවස්ථා සම්පාදනය කිරීමට මහජන අදහස් විමසීමේ කමිටුව එස් විජේන්ද්‍රන් / ලාල් විජේනායක සහ එස් තවරාසා ඇතුළු  නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි රැස්වී තිබුනා.

එහිදී මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන නියෝජිතවරියන් ප්‍රකාශ කර ඇත්තේ ජාතික කොඩියේ සිංහයා සළකුණින් සිංහල ජනතාව පිළිබඳ පමණක් සදහන් වන අතර වර්තමානයේදි සියළු දෙනා එක්ව ජිවත්වන බැවින් සියළු  ජාතීන් සංකේතාත්මක වන සංකේතයක් ජාතික කොඩියට යොදාගත යුතු බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්  ඕනෑම පුද්ගලයෙකුට නිදහසේ අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති නීතීඥ ලාල් විජේනායක සඳහන් කළේ.

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන ලෙස සහ ජාතික ගීය වෙනස් කරන ලෙස ඉදිරිපත්ව ඇති ඉල්ලීම් හුදු යෝජනා පමණක් ද?
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
568 Views
6,605 Views
5,360 Views
4,911 Views
66 Views
38,769 Views
Top