Hirunews Logo
%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%8B%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF+%3F
Tuesday, 20 December 2016 - 16:38
ලොව උසම නත්තල් ගස ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීම සුදුසුද ?
22

Shares
2,653

Views
ලොව විශාලතම නත්තල් ගස ගාලු මුවදොර පිටියේ මේ දිනවල ඉදිවෙමින් පවතිනවා.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ මුලිකත්වයෙනුයි මෙම නත්තල් ගස ඉදිවෙමින් පවතින්නේ.

මෙම නිර්මාණයේ වැඩ කටයුතු මීට දින කිහිපයකට පෙර නවතා දැමුනේ එය අනවශ්‍ය වියදමක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කිරීමත් සමගයි.

උන්වහන්සේ ඉල්ලා සිටියේ අධික වියදම්කාරි අනවශ්‍ය සැරසිලිවලින් තොරව ආධ්‍යාත්මිකව ජීවිත අර්ථවත් කර ගැනීමට මේ නත්තලේදී කටයුතු කරන ලෙසටයි.

පසුව මෙම නත්තල් ගස ඉදිවන්නේ පෞද්ගලික ධන පරිත්‍යාගවලින් බවත් ඒ සඳහා රජය කිසිදු මුදලක් වැය නොකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක අගරදගුරු හිමිපාණන් වෙත පැහැදිළි කර තිබෙනවා.

ඒ අනුව මෙම නත්තල් ගස ඉදිකිරීම සඳහා අගරදගුරු හිමිපාණන් අවසර ලබාදී ඇති බව සදහන්.

එම අවසරයත් සමග අතරමග නවතා තිබු ලොව විශාලතම නත්තල් ගසේ වැඩ කටයුතු නැවතත්  ආරම්භවී තිබෙනවා.

මෙවැනි වාතාවරණයක් තුල උස අඩි 325 ක් වන ලොව උසම නත්තල් ගස ලංකාව තුල ඉදිකිරිමපිළිබද ඔබගේ අදහස කුමක්ද ?





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top