%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%AF%3F
Monday, 19 June 2017 - 15:46
විග්නේෂ්වරන් ඉවත් කළ යුතුද?
21

Shares
2,589

Views
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමති ධුරයෙන් ඉවත්කළ යුතුද යන්න මේ වනවිට කතා බහට ලක්ව තිබෙනවා.

ඒ, දූෂණ චෝදනා එල්ලවූ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් 04 දෙනෙක් සම්බන්ධයෙන් පැන නැගුණු ගැටළුවක් හේතුවෙන්.

දූෂණ චෝදනා ලැබූ ඇමැතිවරුන් දෙදෙනෙකුට සිය අමාත්‍ය ධුර වලින් ඉවත්වන ලෙසත් තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු මසක අනිවාර්ය නිවාඩු ගැන්වීමටත්  පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පසුගියදා දැනුම් දුන්නා.

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාසා සහ කෘෂිකර්ම අමාත්‍ය පුන්නුතුරෙයි අයින්ගරනේෂන් යන අමාත්‍යවරුන්ට එලෙස ඉවත් වන ලෙස දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 21 දෙදෙනෙකු පසුගිය 14 වන දා දිවුරුම් ප්‍රකාශයක් මගින් පළාත් ආණ්ඩුකාරවරයා වෙත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් ප්‍රධාන අමාත්‍යවරයාට සහය පල කරමින් විශ්වාසභංග යෝජනාවට විරෝධය පළ කරමින්  උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත තවත් යෝජනාවක් පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවේ දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගේ අත්සන් යුතුවයි.

මේ අතර, ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට විරෝධය පළ කරමින් උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක වූ අතර, එහිදී ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල වුණා.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ප්‍රකාශ කළේ ප්‍රධාන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත්විය යුතු බවටයි.

මේවන තෙක් උතුරු සභවේ ගැටළුවට විසදුමක් ලැබී නොමැති අතර ඒ අනුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ධුරයෙන් ඉවත්කළ යුතුද ?

ඔබේ අදහස කුමක්ද ?
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top