Hirunews Logo
%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%AF+%3F
Wednesday, 05 July 2017 - 10:22
උමා ඔය ව්‍යාපෘතිය නතර කළ යුතුද ?
65

Shares
7,909

Views
ජලය හිඟ ප්‍රදේශවලට ජලය සම්පාදනය කෙරෙන ව්‍යාපෘතියක් ලෙස 2011 වසරේ මැයි මාසයේදී ඉරාන රජයේ මූල්‍ය ආධාර යටතේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනවා.

ජලය හිඟ ප්‍රදේශයන්ට ජලය සැපයීමට අමතරව භූග ගතව ඉදිවෙන විදුලි බලාගාරයකින් මෙගාවොට්‌ 120ක්‌ ජනනය කරන ව්‍යාපෘතියක් ද මෙයට ඇතුලත්
 
ඒ අනුව වැලිමඩ, ඌවපරණගම, හාලිඇල, ඇල්ල - වැල්ලවාය, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ඉහළ සහ පහළ නිම්න වශයෙන් කොටස්‌ දෙකකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.

ව්‍යාපෘතියේ සැලැස්‌මට අනුව වැලිමඩ, පුහුල්පොල ප්‍රදේශයේදී උමාඔය හරස්‌කර තැනෙන පුහුල්පොල ජලාශය සඳහා වන වේල්ලත්, ඩයරබා හිදී මාතැටිල්ල ඔය හරස්‌කර ඩයරබා ලෙස ඉදිවන ජලාශයේ වේල්ල සහ පුහුල්පොල ජලාශයේ අතිරික්‌ත ජලය ඩයරබා වෙත ගෙන එන කිලෝමීටර් 4.5 ක්‌ දිග උමගත් නිර්මාණය කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන කැනීම් වලදී ජල පෝෂක ප්‍රදේශ රැසක් විනාශ වන බවත්, නිවාස ගොඩනැගිලි රැසක් මේ වන විට හානි වී ඇති බවත් බණ්ඩාරවෙල සහ ඒ අවට ජනතාව චෝදනා කරනවා.

මෙම බහුකාර්ය ව්‍යාපෘතියට විරෝධය පල කරමින් පසුගිය 28 වනදා බණ්ඩාරවෙල නගරයේදී ප්‍රදේශ වාසීන්ගේ සහභාගීත්වයෙන් හර්තාල් ව්‍යාපාරයක් සහ උද්ඝෝෂණයක්ද පැවැත් වුණා.

එහිදී ඔවුන් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ජල උල්පත් 3112ක් සිදී ගොස් ගොඩනැගිලි 7037ලක් හානි වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා  නිවේදනය කළේ උමා ඔය  ව්‍යාපෘතිය සදහා විදේශීය විශේෂඥ සහය ලබා ගන්නා බවයි.

මේ අතර, උමාඔය ව්‍යාපෘතිය නිසා මතුවී ඇති ගැටලු පිළිබදව සොයා බැලීම සදහා පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර, විජිත් විජයමුනි සොයිසා යන අමාත්‍යවරුන්ගෙන් යුක්ත් අමාත්‍ය මණ්ඩලය කමිටුවක්ද පත් කෙරුණා.

ඒ, අනුව ව්‍යාපෘතිය පීඩාවට පත් වූ පාර්ශව පිළිබදව සොයා බැලීම සදහා මහින්ද අමරවීර අමාත්‍යවරයා පසුගියදා නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා නිවේදනයක් සදහන් කරන්නේ බණ්ඩාරවෙල සහ ඒ අවට ජනතාව ඔවුන් පදිංචි ගම්බිම්වල තවදුරටත් රැඳී සිටීම ඔවුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් බවත්, මෙම ගැටලුවට වහා විසදුම් ලබාදිය යුතු බවයි.

බණ්ඩාරවෙල සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවට පිඩාවක් ගෙනදෙන බවට චෝදනා කරන මෙම ව්‍යාපෘතිය නතර කළ යුතුද ?

ඔබේ අදහස කුමක්ද ?




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top