%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%AF..%3F
Wednesday, 03 January 2018 - 12:06
පොලිතින් තහනම සාර්ථකද..?
14

Shares
1,791

Views
දිරාපත් නොවන ලන්ෂීට් ඇතුළු පොලිතීන් ඇතුලු ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය  මුළුමනින්ම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පසුගියදා පියවර ගත්තා.

පරිසරය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස සහ ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවට පිළිතුරක් ලෙසයි මෙම පියවර ගෙන ඇත්තේ.

දිනකට "ෂොපින් මලු' ලක්ෂ 150 ක් හා 'ලන්ච් ෂීට්' ලක්ෂ 200 ක් පමණ ශ්‍රී ලාංකිකයන් පරිසරයට මුදා හරින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ශ්‍රී ලංකාව තුළ එක් රැස්වන කැළිකසලවලින් 10% - 15% අතර ප්‍රමාණයක් ඉහත කී පොලිතින් අපද්‍රව්‍ය බවයි  එම අධිකාරිය පෙන්වා දෙන්නේ.

මෙම  තහනමත් සමග එදිනෙදා භාවිත කෙරෙන ලන්ච් ෂීට් හා සිලිසිලි බැග්වලට ඇති විකල්ප පිළිබඳ ජනතා අවධානය යොමුව තිබෙනවා.

මෙම තහනමින් ගැටලුවකට පත්වූ පාර්ශවයක්ද සිටිනවා.

ඔවුන් තමයි ආපනශාලා හිමියෝ සහ වෙළෙඳසල් හිමියෝ.

මොවුන් තහනමට අපි විරුද්ධ නෑ හැබැයි ඔවුන් පවසන්නේ අඩුමිලට විකල්ප කඩිනමින් හදුන්වාදෙන ලෙසයි.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඝනත්වයෙන් වැඩි පොලිතීන් අලෙවි කරන වෙළදුන් සොයා වැටලීම් ද සිදු කිරීම මේවනවිටත් ආරම්භ කර තිබෙනවා.
 
එසේම  ජාතික, ආගමික, සංස්කෘතික හා දේශපාලන උත්සව ඇතුළු කිසිදු උත්සවයක සැරසිලි කටයුතු සඳහා පොලිතීන් භාවිතය ද තහනම් කිරීමටයි මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත්තේ.

මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ පොලිතින් වෙනුවට හඳුන්වා දීමට නියමිත විකල්ප නිෂ්පාදනවල මිල යම් ප්‍රමාණයකට වැඩි වුවත් ඒවායේ නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි වෙත්ම මිල ගණන් ද අඩුවනු ඇති බවයි.

පාර්සල් වෙනුවට කෑම පෙට්ටි භාවිතයට හුරුවීම සහ ආහාර එතීම සඳහා කෙසෙල්, නෙළුම් කොළ වැනි ස්වාභාවික දෑ භාවිත කිරීම මගින් ලන්ච් ෂිට් ගැටලුවට විසඳුම් සෙවිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සදහන් කරනවා.

පසුගිය වසරේ සැත්තැම්බර් 01දා සිට මෙම තහනම පනවා තිබුණු අතර පසුව ඒ සඳහා සහන කාලයක් ලබාදීමට රජය තීරණය කළේය.

ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක පොලිතින් තහනම පිලිබඳ ඔබේ අදහස කුමක්ද ?

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top