Hirunews Logo
%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%AF..%3F
Tuesday, 09 January 2018 - 12:13
මොරගහකන්ද ව්‍යාපෘතිය සාර්ථකද..?
19

Shares
2,296

Views
ශ්‍රී ලංකාවේ ඉදි වූ විශාලතම වාරිමාර්ග ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හැදින්විය හැකියි.

මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ව්‍යාපෘතිය තුළින් පවුල් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයිමට නියමිතයි.

මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් පිරී පවතින ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව ධාරිතාව ඝන ලීටර් මිලියන 570 ක්.
 
එය පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.

2007 ජනවාරි 25 වෙනිදා වැඩ ආරම්භ වූ  මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 4,500ක්.

මෙම ව්‍යාපෘතිය ඉදිකරනු ලැබුවේ සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින්.

නකල්ස් කඳු  නිම්නයේ සිට ගලා බසින අඹන් ගඟ  හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර තිබෙන අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළු ගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි.

ශී‍්‍ර ලංකාවේ දැකිය හැකි ගල් පිරවූ ප‍්‍රධාන වේල්ලක්, කොන්කි‍්‍රට් කරන ලද වේල්ලක් මෙන්ම පස් වලින් සෑදු වේල්ලක් යන වේලි තුනකින් යුත් එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීම ද විශේෂත්වයක්.

මෙහි පළමු අදියර යටතේ අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල හා මාතලේ යන දිස්ත්‍රික්කයන්හි හෙක්ටයාර් 82,000 ක පමණ භූමි ප්‍රමාණයක් සඳහා දෙකන්නයේදීම වාරි ජලය සැපයීම සිදුකරනු ලැබේ.

මේ මඟීන් මෙගා වොට් 25 ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරෙනවා.

එමෙන්ම ව්‍යාපෘතිය හරහා මෙම ප්‍රදේශයන්හි පවතින ලොකු කුඩා වැව් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් පෝෂණය වනු ඇති.

අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් එම ප්‍රදේශයට පාරිසරික බලපෑම් එල්ල වී ඇති බවට පරිසර සංවිධාන චෝදනා කරනවා.

මොරගහකන්ද ජලාශයේ ජලය ගබඩා කිරීම 2017 ජනවාරි 11 දින ආරම්භ කෙරුණු අතර ජලයෙන් යට වූ කලාපයේ සතුන් බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සහ තරුණ පරිසරවේදීන්  එක්ව මෙහෙයුමක් ද ක්‍රියාත්මක කරනු ලැබුවා.

එමෙන්ම මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබා දීමේදී යම් අයිතියක් උතුරු පළාත් සභාවට ලබා දෙන ලෙස උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් 2016 වසරේ දී ඉල්ලීමක් කර තිබුණා.
 
නමුත් එම ඉල්ලීමට රජය මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ව්‍යාපෘතිය පිලිබඳව ඔබේ ඔබේ අදහස කුමක්ද ?






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
116 Views
1,255 Views
6,773 Views
6,569 Views
104 Views
45,445 Views
Top