%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%3F
Friday, 30 March 2018 - 12:32
මහජන නියෝජිතයන් මුදලට විකිණෙනවාද ?
274

Shares
32,925

Views
කිසිම පක්ෂයකට බහුතර බලයක්  ලැබී නැති පළාත් පාලන ආයතනවල මුල් පුටු තේරීමේදී මන්ත්‍රීවරුන් මුදලට හා වරප්‍රසාදවලට යටත්ව ඇති බව දේශපාලන පක්ෂ හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පළාත් පලාන ආයතන ගණනාවක වැඩි ඡන්ද ලබා ගත් ඇතැම් දේශපාලන පක්ෂවලට එම පළාත් පාලන ආයතනවල බලය අහිමිවීමේ සිදුවීම් කීපයක් දැනටමත් වාර්තා වී ඇති බවයි.

විශේෂයෙන්ම දෙහිවල-ගල්කිස්ස, මිගමුව සහ ගාල්ල යන මහ නගර සභාවල බලය හිමි කරගත්තේ එහි දෙවැනි ස්ථානය ලබා සිටි දේශපාලන පක්ෂය වීම විශේෂත්වයක්.

විශේෂයෙන්ම, එම පළාත්පාලන ආයතනයන්හි දක්නට ලැබුණේ පක්ෂයේ තීරණයට එරෙහිව යමින් මන්ත්‍රීවරුන් ජන්දය ප්‍රකාශ කිරීමයි.

මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ බලය පිහිටුවීම සදහා ඡන්දය ලබාගැනීමට රුපියල් ලක්ෂ දහයේ පටන් රුපියල් කෝටිය දක්වා මුදල් ලබාදෙන බවට තොරතුරු තිබෙන බව පැෆරල් සංවිධානය පවසනවා.

නව පළාත් සභා මැතිවරණ ක්‍රමයේදී මේ අඩුපාඩු සකස්කර නොගතහොත් මීට වඩා අවුල් තත්ත්වයන් හටගත් හැකිබව පැෆරල් නිරීක්ෂණ සංවිධානයේ රෝහණ හෙටිටිරච්චි පෙන්වා දෙනවා.

කොට්ඨාසවලින් 50% ක් සහ සමානුපාතික ක්‍රමයෙන් 50% ක් ලෙස මන්ත්‍රීවරුන් පත්වීමට නියමිත පළාත් සභා අවුලෙන් අවුලට මේ නව ක්‍රමයෙන් පත්වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

මහජන නියෝජිතයන් මුදලට විකිණීම ගැන ඔබේ අදහස් අපට කියන්න
 



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,725 Views
68,271 Views
24,246 Views
32,920 Views
1,086 Views
116,035 Views
Top