Hirunews Logo
%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A.
Sunday, 08 June 2014 - 21:54
වැල්ලම්පිටියේ ශ‍්‍රී විමලාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත වේ.
210

Shares
16,826

Views
වෛරය, ක්‍රෝධය බැහැර කර සියලූ දෙනාට එකට වැඩ කළ හැකි රටක් ගොඩනැගිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අභිනවයෙන් ඉදිකළ වැල්ලම්පිටිය - ශ‍්‍රී විමලාරාම විහාරස්ථානයේ සය මහල් දහම් පාසල් ගොඩනැගිල්ල සහ දාන ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය දා එක්වෙමින්.

එම අවස්ථාවට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා විසින්. ඊට දහම් පාසල් සිසු සිසුවියන් ඇතුළු ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියා. විහාරස්ථානයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමුව ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව විහාරස්ථානයේ සමරු ඵලකය  නිරාවරණය කළ ජනාධිපතිවරයා ගොඩනැගිලි සංකීර්ණය ද විවෘත කළා. උත්සව සභාව ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි අනුනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියා.

උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ සියලූ ආගම් පිළිගන්නා පුනර්ජීවනයක් රට තුළ බිහි වී ඇති බවයි.  

ඉන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වැල්ලම්පිටිය - ශ‍්‍රී විමලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ලබුතලේ සුදස්සන හිමියන් වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා. කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා ද ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා වෙත එම අවස්ථාවේදී සමරු තිළිණයක් පුද කළා.



















































Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,817 Views
6,765 Views
8,079 Views
8,195 Views
692 Views
52,304 Views
Top