Hirunews Logo
%E0%B6%B8%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%B8%E0%B7%91%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%84%E0%B6%AD%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 15 August 2017 - 16:41
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
35

Shares
2,797

Views
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු පියතුමන්ලාගේ ප‍්‍රධානත්වයෙන් අද (15)  උදැසන 6.15 ට මඩු දේවස්ථානයේදි පැවැත්වුණා.

මඩු මංගල්ලය පැවති කාලසීමාව තුළ මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම වෙනුවෙන් ලක්ෂ හතක පමණ ජනතාවක් සහභාගි වූ බවද දේවස්ථාන පාලක සභාව සඳහන් කළා.

මන්නාරම දිසාව භාර පාලක රදගුරු ජෝශප් කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා,ගාලූ දිසාව රදගුරු රේමන් වික‍්‍රමසිංහ පියතුමා,,මහනුවර දිසාව රදගුරු වියානි ප‍්‍රනාන්දු පියතුමා,අනුරාධපුර දිසාව භාර රදගුරු නොර්බඩ් ඇන්ඩ‍්‍රාදි පියතුමා ඇතුළු පියතුමන්ලාගේ ප‍්‍රධානත්වයෙන් මඩු පල්ලියේ දේව මෙහෙය පැවැත්වුණා.

මඩු දේව මැණියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ මහා මංගල්ලය සෑම වසරකම අගෝස්තු මාසයේදි පැවැත්වෙනවා.
 
මන්නාරම,දිසාපති කාර්යාලය පැවසුවේ මන්නාරම දිසාපති කාර්යාලය, මඩු පොලිස් ස්ථානය,මඩු ප‍්‍රාදේශීය ලේකමි කාර්යාලය,යුධ හමුදා නිළධාරීන් ඒකාබද්ධව දේව මෙහෙය වෙනුවෙන් පැමිණි බැතිමතුන් සියලුදෙනා වෙනුවෙන් අවශ්‍ය ජල පහසුකම්,සනීපාරක්ෂක පහසුකම්,ආරක්ෂක පහසුකම් ආදී  පහසුකම් සියල්ල ලබාදුන් බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
473 Views
6,531 Views
5,318 Views
4,882 Views
37 Views
38,671 Views
Top