Hirunews Logo
%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 23 August 2017 - 21:45
පුත්තලමෙන් තවත් මහා පරිමාණ කුඹුක් සංහාරයක්
28

Shares
2,310

Views
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාක අතරින් වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ කුඹුක් ශාඛයට මෙරටදී හිමිවන්නේ සුවශේෂ වූ ප්‍රමුකස්ථානයක්.

මන්ද එය තහනම් දැවයක් ලෙස නම්කර තිබීම නිසාවෙන්.

නමුත් අද වන විට එහි ඇති වැදගත්කම සහ වටිනාකම තුට්ටුවකවත් මායිම් නොකරන පුත්තලමේ සංවිධානාත්මක ව්‍යාපාරිකයින් පිරිසක් විසින් සිදුකරනු ලබන මහා පරිමාණ කුඹුක් ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇති මී ඔය අතු ගංගාවක් වන මහ ඇළ සහ නොතාරිස් ඇළ දෙපස පිහිටා ඇති වසර 150ක් 250ක් අතර කාලයකට උරුමකම් කියන අතුපතර විහිදුන විශාල ප්‍රමාණයේ කුඹුක් ශාක 100ට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම විනාශයට ලක්කර ඇති බවයි එහි ගිය අප කැමරා කාචයේ සටහන් වුණේ.

පුත්තලම නගරය සහ ඒ අවට පදිංචි සංවිධානාත්මක ව්‍යාපාරිකයින් පිරිසක් විසින් දැනට මාස ගණනාවක සිට මෙලෙස කුඹුක් ශාක ගිනි තැබීමේ රහසිගත  ක්‍රියාන්විතය ඉවක් බවක් නොතකා මාස ගණනාවක සිට ඉතාමත් සූක්ෂමව ආරම්භ කරමින් සිටින බවත්, මේ සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරි ,පුත්තලම ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, දිසාපති, යන නිළධාරින් දැණුවත් වී සිටියද මේ වන තෙක් කිසිදු නීතිමය හෝ නෛතික ක්‍රියා මාර්ගයක් නොගෙන සිටීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවයි විලුක ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.



පුත්තලම - කේ.ප්‍රියංකර
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,511 Views
15,512 Views
662 Views
1,493 Views
432 Views
16,975 Views
Top