Hirunews Logo
%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB+%E0%B6%BB%E0%B6%A2%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Wednesday, 11 October 2017 - 11:23
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
36

Shares
2,939

Views
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම පුරාණ රජමහා විහාරය පිහිටා ඇති රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක් සිදුකරගෙන යන බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

1929 වර්ෂයේදී රජය විසින් ගැසට් නිවේදනයක් මගින් නම් කරන ලද පෙත්තගම සහ වල්පාළුව රක්ෂිතබල ප්‍රදේශ තුළ මෙම දැව ජාවාරම නිරන්තරයෙන්  සිදුවන බව එහි ගිය අපට දැකගන්නට ලැබුණා.

අක්කර 719ක පමණ භූමිභාගයකින් මෙම රක්ෂිතය සමන්විතවන අතර ජාවාරම්කරුවන් විසින් ඉතා සූක්ෂම ලෙස දම්වැල් කියත් ආධාරයෙන් සිදුකරනු ලබන මහා පරිමාණ වන සංහාරය හේතුවෙන් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ දැවැන්ත වෘක්ෂයන් වන තම්මැන්නා, වෙළන්, ඇටරිටි, කැටකලා, අන්දර සහ තවත් වටිනා දැව වර්ග රැසක් කපා රැගෙන යන බව අපට දක්නට ලැබුණා.

පසුව මොවුන් පාපැදි, යතුරුපැදි, ලොරි රථ ආධාරයෙන් මෙම දැව රහසිගතව පුත්තලම, කල්පිටිය වැනි ප්‍රදේශවලට රැගෙන ගොස් ඉහළ මිළකට අලෙවි කරන බවයි අපට වාර්තා වුණේ.

අළුයම කාලයේ වනයට ඇතුළු වන මොවුන් සවස් කාලය දක්වා ඔවුන්ට අවශ්‍ය දැව රිසිසේ කපා ප්‍රවාහනය කරන තුරු නීතිය හොබවන බලධාරින් මුණිවත රැකීම ගැටලු සහගත තත්වයක්.

මෙම විනාශය සිදුකරන උපකරන මගින් නිකුත් කරන අධික ශබ්දය හේතුවෙන් රක්ෂිතයේ සිටින වල් අලි රංචු දහවල් කාලයේදීම ගම්මානය වෙත ඇදීමේ ප්‍රවනතාවක්ද දක්නට ලැබෙනවා.

අප කල විමසුකදී වල්පාළුව වසම භාර ග්‍රාම නිළධාරි ඒ.එච්.එම්. විජිත බණ්ඩාර කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර ඇති බවයි.

  
පුත්තලම ප්‍රියංකර කළුපහන
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
245 Views
3,251 Views
7,207 Views
7,105 Views
87 Views
47,832 Views
Top