%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8
Thursday, 04 January 2018 - 12:14
හැටන් පන්මුර් වතුයායේ දිවි මෙහෙයුම
36

Shares
2,903

Views
හැටන් පන්මුර් වතුයායට පැමිණි දිවියෙකු  කම්කරුවන් 7 දෙනෙකුට තුවාල සිදුකර තිබෙනවා.

තුවාල ලැබුවන්  අතර කාන්තාවද සිටිනවා.

ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර ලබන්නේ දික්ඔය මුලික රෝහලේ.

මෙම දිවියා අල්ලාගැනීමට මුළු පන්මුර් වතුයායේ ජනතාව උත්සහකලත් එය සාර්ථක වුයේ නෑ .

උඩවලව සහ නල්ලතන්නිය වනජීවී කාර්යාල නිලධාරීන්  හැටන් පොලිසිය සහ වතු කම්කරුවන් එක්ව  දිවියා අල්ලා ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

දිවියා  අල්ලා වතු යායෙන් ඉවත් කිරීමට ප්‍රමාද වීම පිලිබඳ කම්කරුවන් සහ වනජීවී නිලධාරීන් අතර උණුසුම් තත්වයක් ද හටගැනුනා.

තේ වතු ආශ්‍රිතව ජීවත්වන ලංකාවට ආවේණික වඳ වීමේ තර්ජනයකට ලක්ව ඇති මෙවැනි දිවියන් ජීවත්වන අතර එවැනි සතුන් කිහිප දෙනෙකු කම්කරුවන් විසින් විවිධ ක්‍රම යොදාගෙන ඝාතනය කර තිබුනා.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top