%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B4%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8
Monday, 08 January 2018 - 14:12
රාජගිරියට ගුවනින් ආපූ විසඳුම
33

Shares
2,704

Views
දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් ජනතා අයිතියට පත්කරනු ලැබුවා.

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 ක්.
 
මෙම වසර අවසානයේ මෙහි ඉදිකිරීම්  කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණත් මගී ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට රජය ඉදිකිරිම සමාගමට උපදෙස් ලබාදී තිබුණා.

මංතීරු 4 කින් සමන්විත ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්.

නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකළ මෙම පාලම යකඩ මත කොන්කි‍්‍රට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප‍්‍රථම ගුවන් පාලම ලෙස  ඉතිහාසයට එක්වනවා.

මෙම පාලම විවෘත කිරීමෙන් අනතුරුව රාජගිරිය අවට මාර්ගවල පවතින තදබදය තුරන් වී දැනට පවතින වේග සීමාව අට ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



(ඡායාරූප - ජනපති මාධ්‍ය )

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top