%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 23 January 2018 - 15:49
ශ්‍රී පාද අඩවියෙන් පා සලකුණක් මතුවෙයි
40

Shares
3,202

Views
ශ්‍රී පාද අඩවිය ආසන්නයේ රක්ෂිතයක් තුල තිබු ගලක් මතින්  විශාල පා සලකුණක් මතුවූ පුවතක් පසුගියදා හැටන් මස්කෙළිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අප වාර්තාකරු පැවසුවේ මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයේ රක්ෂිතයක් තුල පිහිටි ගල් තලාවක් මත දකුණු පාදයක විශාල සටහනක් පවතින බවයි.

එය අඩි එක හමාරක පමණ දිගකින් යුක්ත බව සඳහන්.

එහි වම් පාදයක සටහනක් ද පවතින අතර එය තරමක් මැකී ගොස් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

මෙම පා සටහන් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් සිදු කර නිගමනයකට පැමිණ වාර්තාවක් නිකුත් කරන බවයි පුරාවිද්‍යා නිලධාරින් පවසන්නේ.

කෙසේ වෙතත් කම්කරුවන් මෙයට පුද සත්කාර කරන අතර එය දැක ගැනීමට ද විශාල පිරිසක් දිනපතා එම වතුයායමට පැමිණෙන බවයි අප වාර්තාකරු කියාසිටියේ.


(ඡායාරූප -  හැටන් රංජිත් රාජපක්ෂ - මස්කෙළිය ගාමිණී බණ්ඩාර )


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top