%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
Friday, 26 January 2018 - 13:35
කුකුළු සොරකමේ ගිය හඳුන් දිවියා
58

Shares
4,641

Views
හලාවත - බංගදෙණිය, ප්‍රදේශයේ  කුකුළු කොටු ආශ්‍රිතව සැරිසැරූ හදුන්  දිවියෙකු ගම්වාසීන් විසින් අල්ලා ගෙන පුත්තලම වන ජීවී නිලධාරීන්ට බාර දී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ  මාස කීපයක් තිස්සේ ගම්මානයේ ඇති කුකුළු කොටු වල සිටින කුකුළන් අතුරුදන් වීම පිලිබඳ ගම්වාසීන් නිතර සෝදිසියෙන් පසුවූ බවයි.  

එහි ප්‍රතිඵලයක් ලෙස ගම්වාසීන් විසින් සකස් කරන ලද උගුළකට මෙම හදුන්දිවියා ඉකුත් 25 වැනිදා රාත්‍රියේ හසුවී සිටි බවයි ගම්වාසින් පැවසුවේ.

අඩි තුන හමාරක්  පමණ දිගැති මෙම සත්වයා අඩි එක හමාරක් පමණ උසින් යුක්ත බව වනජීවී නිලධාරින් පවසනවා.

මෙසේ  කොටු කර ගත්  හදුන් දිවියා ගම්වාසීන් විසින්  පුත්තලම සහකාර වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට බාර දී ඇති අතර දිවිය දැක ගැනීම සදහා විශාල පිරිසක් පැමිනෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


(ඡායාරූප - ජූඩ් සමන්ත - හලාවත )
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,303 Views
56,704 Views
21,729 Views
28,813 Views
1,359 Views
106,439 Views
Top