%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BB%E0%B6%82%E0%B6%A0%E0%B7%94
Tuesday, 27 March 2018 - 11:02
දවල්ට ගම් වදින රිලා රංචු
26

Shares
2,128

Views
වියලුව, මහියංගණය සහ මිනිපේ හා ඒ අවට ගම්මානවලට රංචු පිටින් කඩා වදින රිලවුන් එම ගම්මානයන්හි ගෙවතු හා වතු පිටිවල වගා කර ඇති බෝග විනාශ කර දමන බව එම ප්‍රදේශයන්හි වාසය කරන ගොවි ජනතාව පවසනවා.

රංචුවකට තිහ හතලිහක් වශයෙන් කඩා වදින මෙම රිලවුන් ඉතා සුලු වේලාවකදී විශාල බිම් ප්‍රමාණයක් විනාශ කර දමන බවත් විශේෂයෙන්ම පොල්, කෙසෙල් ආදී වගාවන්ට මහත් හානියක් සිදුකරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඇතැම් රිලවුන් නිවෙස්වලට කඩා වැදී මිනිසුන් සපා කා නිවෙස්වල ඇති ආහාර වර්ග රැගෙන යාමට පුරුදුවී සිටින බවයි වාර්තා වන්නේ.

නාගරික ප්‍රදේශවල සිට අල්ලා කූඩු කරන රිලවුන් තම ගම්මාන ආශ්‍රිත ප්‍රදේශ වෙත ගෙනවිත් මුදා හැරීම මෙම ප්‍රදේශ වල රිලා ගහණය ඉහල යාමට හේතුවක් වී තිබෙනවා.


(ඡායාරූප - වියලුව නිශාන්ත කුමාර )

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top