%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA
Wednesday, 28 March 2018 - 14:30
දිනෙන් දින වැළලි යන වේවැල් කර්මාන්තය
36

Shares
2,921

Views
වේවැල් කර්මාන්තය පුත්තලම දිස්ත්‍රික්කයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇතැයි වේවැල් කර්මාන්ත කරුවෝ පවසනවා.

ඊට හේතුව වේවැල් ක්ෂය වීමත්, වේවැල් කැපීම සදහා වනයට ඇතුළු නොවන ලෙස වන ජීවි නිළධාරින් කර්මාන්ත
කරුවන්ට පනවා ඇති තහංචිය මෙන්ම සමහරු විසින් වේවැල් පිලිස්සීම වැනි කරුණු නිසාවෙන් මෙම කර්මාන්තය සම්පූර්ණයෙන්ම වැසීමට ලක්ව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම පතල් කර්මාන්තය, ධිවර කර්මාන්තය ඇතුළු තවත් කර්මාන්ත රැසක එදිනෙදා කටයුතු පහසුවෙන් කරගන යාම සදහා වේවැල් කර්මාන්තය තුලින් ඉහල දායකත්වයක් සැපයෙනවා.

වසර ගණනාවකට හිමිකම් කියන මෙම කර්මාන්තයේ නියලෙන බොහෝ පිරිසකගේ දෛනික ආදායම ලෙස රුපියල් 2500ක් ඉපැයුවද 21 වන සියවස වන විට දෛනිකව ඉපැයන මුදල රුපියල් 750දක්වා පහත වැටී ඇති බවට කර්මාන්ත කරුවෝ පවසන්නේ.

ඡායාරූප - වනාතවිල්ලුව ප‍්‍රියංකර කලුපහන
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top