Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+SUPER+DANCER+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Monday, 14 May 2018 - 15:15
හිරු SUPER DANCER කිරුළ තිනේෂිකා නිසල්යා හිමිකර ගනී
27

Shares
2,214

Views
පුංචි නැට්ටුවන් පිරවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන "හිරු SUPER DANCER" තරඟයේ අවසන් මහා තරඟය
(Grand Finale) පසුගියදා  (12) නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා.

නර්තනයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තෝරා පත් කර ගැණුනු අවසන් සුපිරි නර්තන තරු 5 දෙනා වන සිතුම් මලීෂ, ජනිඳු චමත් කුමාර, රිසලි සනුලියා, ටිශාල් පන්සිළු, තිනේෂිකා නිසල්යා අවසන් මහා තරඟයේදී කරට කර තරඟ වැදුනා.

ඒ අනුව ජනතාවගේ SMS මානපය මත හිරු SUPER DANCER අවසන් මහා තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේ තිනේෂිකා නිසල්යා (ජින්නා) විසින්.

මේ අතර ජනිඳු චමත් කුමාර දෙවන ස්ථානයත් ටිශාල් පන්සිළු තෙවන ස්ථානයත් ලබා ගත් අතර සිව්වන ස්ථානය රිසලි සනුලියා සහ පස්වන ස්ථානය සිතුම් මලීෂ දිනාගත්තා.

හිරු SUPER DANCER අවසන් මහා තරඟයෙන් ජයග්‍රහණයෙන් කළ තිනේෂිකා නිසල්යාට හිමි හිරු SUPER DANCER කිරුළ ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී වින්සන් සිල්වා මහතාගේ සුරතින් පිරිනැමුනු අතර ලක්ෂ 23 ක් වටිනා මෝටර් රථයක් හා තවත් වටිනා තෑගි රැසක්ද ඇයට පිරිනැමුණා.

මෙහිදී ඇයගේ ගුරුවරයාටද ලක්ෂ 3 ක් වටිනා යතුරුපැදියක් පිරිනැමුණු අතර සෙසු තරඟකරුවන්ට මෙන්ම ඔවුන්ගේ ගුරුවරුන්ටද තෑගී රැසක් ලබාදීමද මෙහි විශේෂත්වයක් වුණා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,233 Views
9,463 Views
8,742 Views
8,887 Views
1,288 Views
55,620 Views
Top