Hirunews Logo
%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%89%E0%B6%B3%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 22 August 2014 - 11:28
රිටිගල රක්ෂිතය ඉඳුල් වෙයි
142

Shares
11,381

Views
රිටිගල රක්ෂිතය, වැලි ජාවාරම්කරුවන් සහ දඩයම්කරුවන්ගේ බලපෑම් හේතුවෙන් විනාශයට පත්ව ඇති බව ප‍්‍රදේශවාසීන් පවසනවා. මේ පිළිබඳව හිරු ප‍්‍රාදේශීය වාර්තාකරු රිටිගල රක්ෂිතයේ සිදුකළ ගවේෂණයකින් පසු ඒ පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවුණා. රක්ෂිතය තුළ වන සතුන් දඩයම් කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ වනසතුන්ගේ කුණු වී ගිය සිරුරු සහ ඇටකටු මෙන්ම දඩයම්කරුවන් විසින් අටවන ලද මර උගුල්ද දැක ගැනීමට හැකි වී තිබෙනවා. එමෙන්ම, ඇතැම් දියකඩිතිවලට වස මුසුකර ඇති බවත් ප‍්‍රදේශවාසීන් චෝදනා කරනවා. මීට අමතරව රිටිගල රක්ෂිතයේ ස්වභාවික ඇල මාර්ග සියල්ලම වැලි ජාවාරම්කරුවන් විසින් විනාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම අපරාධය සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කැකිරාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙතයි.

















Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top