Hirunews Logo
%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A+%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80
Tuesday, 12 June 2018 - 16:51
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් ඓතිහාසික හමුව
24

Shares
1,949

Views
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී පැවැත්වුණා.

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තොර කලාපයක් බවට පත් කිරීම මෙන්ම උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර සාම ගිවිසුමකට එළඹීම ඔවුන් අතර පැවැත්වෙන සාකච්ඡාවල මූලික අරමුණ වුණා.

ඇමරිකානු ජනාධිපතිවරයෙකු තනතුර හොඹවමින් සිටියදී උතුරු කොරියානු නායකයෙකු හමුවන ප්‍රථම අවස්ථාව ද මෙය ලෙසයි ඉතිහාසගත වුයේ.

ඔවුන් මෙලෙස සමුළුවකට එක්ව සිටින්නේ උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දැඩි උණුසුම්කාරී වාතාවරණයක් පැන නැගීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්.

ඔවුන් අතර සමුළුවේදී ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන්, ඔවුන්ගේ භාෂා පරිවර්තකයන් පමණක් එක් කර ගනිමින් විනාඩි 45ක පෞද්ගලික සාකච්ඡාවක ද නිරතවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.









  


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,233 Views
9,463 Views
8,742 Views
8,887 Views
1,288 Views
55,620 Views
Top