Hirunews Logo
%E2%80%98%E2%80%98%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E2%80%98%E2%80%98+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%82%E0%B6%9A%E0%B6%B8
Wednesday, 27 June 2018 - 16:33
‘‘හිරු ශාසනාවතරණය‘‘ මහා පිංකම
10

Shares
869

Views
අනුබුදු මිහිදු මා හිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු FM, හිරු TV ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පිංකම කිරිවෙහෙර පිං බිමේදී සිදුකෙරෙනවා.

ඒ වෙනුවෙන් කතරගම කිරිවෙහෙර පුද බිම අති විශාල සැදැහැවතුන් පිරිසකගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනවා.

නිරන්තරයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරන ආසියානු මාධ්‍ය ජාලය හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් පිංකමද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සිදුකිරීම විශේෂත්වයක්.

උදෑසන ශීල සමාදාන කටයුතුවලින් අනතුරුවයි අද එහි වැඩකටයුතු ආරම්භ වුණේ. ධර්ම දේශනා සහ කාලීන ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් පිංකමට ඇතුළත්.

එසේම පසුගිය වසර කිහිපයේ මෙන්ම මෙවර ද උතුම් වූ සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් සසුන් ගත කරවීමේ හිරු ශාසනාවතරණය  මහා සංඝරත්නයේ සහ සැදැහැවතුන්ගේ ආශිර්වාද මධ්‍යයේ සිදුකෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. සසුන්ගත කෙරුණු සාමණේර භික්ෂූන්වහන්සේලා හට අටපිරිකර පූජා කිරීම ද සභාපතිවරයා විසින් සිදුකරනු ලැබුවා.

2013 වසරේ සිට 2017 වසර දක්වා ‘‘හිරු ශාසනාවතරණය‘‘ මහා පිංකමෙන් මේ වන විට ශාසනයට පූජා කළ හිමිවරුන් ගණන 70කට අධිකයි. මේ සියළු දෙනාගේම අනාගතයේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියළු බරපැන දැරීමට ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතා කටයුතු කිරීමද විශේෂත්වයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
205 Views
1,328 Views
6,785 Views
6,589 Views
118 Views
45,536 Views
Top