Hirunews Logo
%22%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92%22+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1
Tuesday, 10 July 2018 - 11:32
"හිරුට විස්සයි - තෑගි වැස්සයි" පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන
24

Shares
1,963

Views
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිළිණ කිරීම පසුගියදා ඇරඹුණා.
 
ඒ අනුව ඒ සඳහා එස්.එම්.එස්. යොමුකළ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරින් පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා බවට පත්වුණේ ඇඹිලිපිටිය, ඕමල්පේ පදිංචි උපතිස්ස විතාරණයි.

මෙම එක් ට්‍රක් රථයක් රුපියල් ලක්‍ෂ 17 හමාරකට වැඩි වටිනාකමකින් යුක්තයි.
 
ඒ අනුව ඔහුට හිමි නවතම ට්‍රක් රථයක රැගෙන හිරු පිරිවර ඊයේ (09) උදෑසන ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේ සිට ගමන් ආරම්භ කළා.

පසුව වැල්ලවත්ත, පානදුර, හොරණ, ඉංගිරිය, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත ප්‍රදේශය පසුකර ට්‍රක් රථය රැගත් රිය පෙරහැර පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා වන ඇඹිලිපිටිය, ඕමල්පේ පදිංචි උපතිස්ස විතාරණගේ නිවසට පැමිණියා.

එහිදී පළමු ට්‍රක් රථයේ ජයග්‍රාහකයා වූ උපතිස්ස විතාරණට ට්‍රක් රථයේ යතුර පිරිනැමුණු අතර එම අවස්ථාව දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන්ට රැසක්ද එක්ව සිටියා.

වසර 20ක් පුරා හිරු සමඟ බැඳී සිටි අසන්නන් වෙත හිරුගේ සතුට ප්‍රකාශ කිරීම පිණිස මෙම ට්‍රක් රථ ලබා දෙනවා.
 
මේ සඳහා ඔබ කළ යුත්තේ උදෑසන 7 ත් රාත්‍රී 7 ත් අතර හිරුගෙන් ඇහෙන ට්‍රක් රථයට පාර කියන වාසනාවන්ත වෙලාව Hiru <හිස්තැනක්> වාසනාවන්ත වෙලාව සමඟ ඔබේ නම, ගම, හැඳුනුම්පත් අංකය සමඟ 7766 ට SMS කිරීමයි.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top