Hirunews Logo
%E0%B6%9A%E0%B6%A2%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B6%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
Wednesday, 22 August 2018 - 16:59
කජු සමඟ පොර බඳින්නන්ගේ දුක්බර කතාව
42

Shares
3,400

Views
වර්ග කිලෝ මීටර් 710ක වපසරියකින් යුත්ත වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය පුරා විසිරි ඇති සමස්ථ භූමියේ කජු අක්කර තිස්පන්දාහකට ආසන්න ප්‍රමාණයක කජු වගා කර ඒවා කජු ඉඩම්බ බවට පත්ව තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය වසරවලදී කජු පලදාව සදහා මෙරට පමණක් නොව විදේශිය ආකර්ශණයද නොඅඩුව ලැබුණ බවයි වගාකරුවන් පවසන්නේ.
 
පසුගිය වසරවලදී රුපියල් තුන් දහසක් වැනි අධික මිලක් යටතේ පැවති කජු කිලෝ එකක් වර්ථමානය වන විට රුපියල් දෙදහසකට පමණ පහත වැටී ඇති බවත් පාරම්පරික කර්මාන්තයේ නියලෙන්නන් පෙන්වා දෙනවා.

ඒ හේතුව නිසාවෙන් මේ වන විට ඉතා සීඝ්‍රයෙන් කජු කර්මාන්තය පහත වැටීමත් සමඟ අධික ලෙස පාඩු ලබමින් සිදුකර ගෙන යන බවයි වනාතවිල්ලුව ප්‍රදේශයේ කජු කර්මාන්තය ආශ්‍රිතව නියලෙන්නන් කියාසිටියේ.

පුරා වසර දෙකක් පැවති නියඟය සමග කජු අස්වැන්න අඩුවීමත් සමඟ කජු ගෙඩි වල මිළ ඉහල යෑමත් විදේශීය රටවල කජු මෙරටට අපනයනය කිරීමත් හේතුවෙන් කජු ව්‍යාපාරිකයින්ට කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යෑමේදී පාඩු ලැබීමට සිදුවී ඇති බවට ඔවුන් මැසිවිලි නගනවා.




ඡායාරූප - පුත්තලම ප‍්‍රියංකර කලුපහන
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
3,342 Views
7,392 Views
8,261 Views
8,356 Views
893 Views
53,060 Views
Top