%E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 27 November 2018 - 14:39
අමිහිරි අත්දැකීමක් විදින ගඟේවාඩිය ඇත්තෝ (ඡායාරූප)
62

Shares
5,022

Views
ඈත අතීතයේ පටන් ප්‍රෞඩ දුර්ලබ ඉතිහාසයට උරුමකම් කියූ ප්‍රෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමකින් සමන්විත වූ ශ්‍රි ලංකාව තුල ප්‍රථමයෙන් ගංඟා නිම්නයේ ආරම්භ වූ ශිෂ්ඨාචාරයේ බිහිවූ ප්‍රථම ජනපදය නම් ගඟේවාඩිය බව ඉතිහාසය මනාව සාක්ෂි හෙළිදරව් කරනවා.

ඒ අනුව ගංඟා නිම්න ශිෂ්ඨාචාරය තුල බිහිවූ මුල්ම ජනපදය බිහිවී ඇත්තේ මහවැලි ගංඟාවේ අතු ගංඟාවක් වන් මල්වතු ඔයයි ආශ්‍රයෙනි.

දැනට මෝදරගංආරු ලෙස හැදින්වෙන එම අතු ගංඟාව කුවේණියගේ නිජ බිම බවට එවකට පත්ව තිබූ කුදිරමලේ නම් වූ අති රමණිය කඳු වැටිය අසලින් පිහිටි හෝ ගානා පොකුණට ගලා බසින්නේ ස්භාවධර්මයාගේ අලංකෘත නිර්මාණයක තවත් විස්කමක් විදහා පාමිනි.

ගංඟා නිම්න ශිෂ්ඨාචාරය තුල විජය රජු මෙරටට ගොඩ බසින අවධියේ ලංකාවේ පැවති සශ්‍රීක පේෂ කර්මාන්තය එවකට තිබී ඇත්තේ ගංගේවාඩිය, පොන්පරිප්පුව යන ගම්මාන යා කෙරෙමින් බව පැරණ්නන් මත පලකරති.

තවද එවකට තිබූ දියුණුතම නාවික තොටුපල සහ කේන්ද්‍රගත වෙළද මධ්‍යස්ථානයද පිහිටා ඇත්තේ ගඟේවාඩිය නම් වූ ක්ෂේම භුමියේ බව කියයි.

තවද මෙහි වසර 2000ක ඈත අතීතයකට විහිදෙන පැරණිතම පොෂිල නිධියක් ලෙස මෙහි ගබඩා වී තිබීම සුවිශේෂි වූ විශේෂත්වයක් බව කියයි.

එපමණක් නොව අරුවක්කාඩු නමින් හැඳින්වෙන ඉපැරණිතම හුණු ගල් නිධිය මෙම ගම්මානයයේ කේන්ද්‍රගතව පිහිටා තිබීමත්, දැනට රටේ බහුතරයක් සිමෙන්ති නිෂ්පාදනය සදහා ඛණිජ සම්පතක් ලෙස ලබා ගන්නා හුණු ගල් කැණිම මහා පරිමාණයෙන් සිදුවන්නේ මෙහිදී බව කියයි.

තවද, මේ වන විට රටේ රතු දත්ත පොතෙන් වදවී යාමේ තර්ජනයට නතුවී ඇති විශේෂිතවූ කඩොලාන ශාක රැසකින් සමන්විත අක්කර දහස් ගණනකින් යුක්තවූ මනරම් කඩොලාන සම්පතකින් වටවූ මෙම කුඩා ජනපදය තවත් පසෙකින් එහි අලංකාරය දෙගුණ තෙගුණ කරති.

එක් පසෙකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මායිම්ව ඇති මෙම ගම්මානය හරහා කලා ඔය නම් වූ අතිරමණිය ගංඟාව මහ සයුරට ගලා හැලෙද්දි කුදිරමලේ නම්වූ මණරම් කදුවැටියේ හැපී නැගෙන පෙණ බුබුළුක් බුබුළක් පාසාම එහි අසිරිය වඩ වඩාත් විචිත්‍රවත් කෙරෙමින් අවසානයේ හෝ ගානා පොකුනේ පහසට නතුවීම විශ්මකර්මයාගේ නිර්මාණයක් දෝ යැයි වරෙක දකින්නන්ගේ සිත වසඟවන සුළුය.

තවත් වරෙක භීතිය, ත්‍රාසය කැටි කොට නිර්මාණය කෙරුණ අපූර්වතම නිර්මාණයක් යැයි සිතනු නොඅනුමානය.

කුදිරමලේ ගිරි ශිඛරයේ සිට හමන මද සුළඟට තුරු ලතා සිලි සිලි රාවයෙන් සලිත වෙද්දි එහි පැමිණෙන කොයි කාගෙත් සිත් තුල අමතුම ආකාරයේ ආශ්චර්යාත්මක හැඟීමක් උමතුවන බව කිව යුතුව තිබේ.

දෙස් විදෙස් සංචාරකයින්ගේ මනදොළ පිනවන මියුරු පරාදීසයක් බඳුවූ ගඟේවාඩියට මේ වන විට හිමිව ඇත්තේ විශේෂිතවූ ප්‍රමුඛස්ථානයක් බව කිවහොත් නිවැරදිය.  

මෙහි දැනට පවුල් 200ට ආසන්න පිරිසක් ස්ථීර පදිංචිව සිටිති.

මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව නියලෙමින් මුදල් උපයා ගැනීමයි.

සාම්ප්‍රධායික සුළු පන්න ධීවරයින් බහුතරයක් මෙහි ධීවර කර්මාන්තය ආශ්‍රිතව නිරතවෙමින් ඉස්සන්, කකුළුවන්,මසුන් වැසි සාගර සම්පත් නෙලා ගැනීම මොවුන්ට අරුමයක් නොවුනත් එදා වේල පිරිමසා ගන්නා බහුතරයක් කාන්තාවන් සාම්ප්‍රධායිකව බීලි බෑමේ නිරතවෙමින් සොච්චම් මුදලක් උපයා ගැනීමද නිරන්තයෙන් දක්නට ලැබෙන සුලභ දසුනක්ව තිබේ.

ඉස්සන්, දැල්ලන්, කකුළුවන් ඇතුළු තවත් සාගර සම්පත් මොවුන්ගේ අතමිට සරු කරද්දි තවත් පසෙකින් මොවුන් අනේක විද දුක් කම්කටොළු විද දරා ගනිමින් ජීවිත ගමනේ කර්කෂක බව ලොවට කියාපාන තවත් අව්‍යාජ පිරිසක් කිවහොත් එය නිවැරදියි.

වර්ෂාපතන සමන්වලදී අධික ජල ගැලීම් වලන් බැටකද්දි, තවත් පසෙකින් මරණයත් ජීවතයත් කරපින්නා ගෙන අලි මිනිස් ගැටුමට මොවුන් නිරන්තරයෙන් මුහුණ දෙති.

එපමණක් නොව හෝ ගාණා පොකුනේ ජල රළ නැගෙද්දි ධීවර කර්මාන්තය සුනුවිසුනු වන වාර අනන්ත අප්‍රමාණය ඒ වකවානුවේදී ධීවර කර්මාන්තයට කණකොනා හඩන්නේ මොවුන්ට සෘජු ආර්ථික පාඩු ගෙන දෙමිනි.

සාම්ප්‍රධායික ධිවර කර්මාන්යේ නියෙලෙන මොවුන් සෑම වසරකම මාස හයක් වැනි කාලයක් තුල තමන්ගේ කර්මාන්ය අඩාලවීම සුළබව දක්නට ලැබෙන බව කියයි.

එපමණක් නොව කොළඹ පුරවරයේ ජීවත්වන පිරිස සුඛෝපභෝගි වාහන වල ගමන් යද්දි බෝතල් කල පානිය ජලය පානය කරද්දි මේ අසරණ ජනතාවට යන එන මං නැතිව ලත වීමට අත්ව ඇති ඉරණම ඛේද ජනකය.

යාමට ඒමට පාපැදියක් නොමැති මොවුන්ට මේ වන විට මොවුන්ගේ මූලික අව්‍යතාවයක් වන බීමට අවශ්‍ය පානිය ජලය පවා ලබා ගන්නේ කෙසේදැයි කිව හොත් ඔබ මවිතයටත්, පුදුමයටත් පත්වන බව නිසැකය.

බීමට දිය පොදක් සොයා කලගෙඩි, මුට්ටි හට්ටි, කරපින්නාගෙන ඔරුවක නැගී කලාඔය ගං ගඟාව වෙත පැමිණෙන මොවුන් තමන්ට අවශ්‍ය පානිය ජලය ලබා ගන්නේ කලාඔය ආශ්‍රයෙනි.

අධික නියං සමයේ මොවුන් උග්‍ර පානිය ජල අර්බුදයට නිරන්තරයෙන් මුහුණ දෙති.

දියුණු පැතිවල ජනතාව පිරිසිදුකල පානිය ජලය බොද්දි මේ අසරණ ජනතාව කලාඔයේ ජල පොදකින් පවස නිවා ගැනීම මොවුන්ට උරුම වූ කරුමයක මහිමයක්දැයි සිතෙනු ඇත.

මේ වන විට පසු ගිය රජය විසින් පුත්තලම ප්‍රදේශය වෙත පානිය ජලය සැපයීමට අවශ්‍ය යෝධ සංවර්ධනය ආරම්භ කර කලා ඔය ආශ්‍රිතව ජලය පිරිපහදු කර පුත්තලම වෙත ජල නළ එලා පුත්තලමට වතුර රැගෙන යද්දි ගමේ සම්පත් ගමට අහිමිකරමින් අද වන විටත් මොවුන්ට කරුමයෙන්ම උරුම වූ කලා ඔයේ ජලය පානය කිරීමට ඉඩ හැර මුණිවත රකින මූසිලයන් අදටත් සිටීම බරපතල ගැටළු සහගත තත්ත්වයක්ව තිබේ.

තම ගම්මානයට අවශ්‍ය ජලය ලබා නොදී ගමේ සම්පත් පිටට විකුණද්දි ඒ පිලිබද හඩක් අවදි කිරීමට තරම් ප්‍රෞරුෂවයක් ඇත්තෙක් තවමත් සමස්ථ වනාතවිල්ලුවේ නොසීටීම කණගාටුවට කරුණකි.

දෙස් විදෙස් සංචාරකියින්ගේ ආකර්ශණයටත් ජනාදරයටත් පත් ගඟේවාඩියට දිනකට පැමිණෙ සංචාරකයින් ගණනය කල නොහැකි තරම්ය.

මොවුන්ගෙන් සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය දිනකට උපයා ගන්නා මුදල ගණනය කල හැකිද ප්‍රශ්ණාර්ථයක්ව තිබියදී ගමේ භෞතික සම්පත් සහ ජනතාවට අවශ්‍ය යටිතල සම්පත් මේ වන විටත් අක්‍රමන්‍යව තිබියදී තවත් කවර කතා දැයි වරෙක ප්‍රහේලිකාවකි.

මෙවැනි මායිම් ගම්මාන සංචාරකියන්ගේ රැහැයට නතුකර දී දිනෙන් දින ධනවාදීන්ගේ මල්ල තරවෙද්දි  අසරණ ජනතාවට සිදුව ඇත්තේ අහසත් පොළොවත් ගැටලීමට තරම් හූල්ල හූල්ල සිටීමට මිස වෙන ඔවුන්ට කිරීමට දෙයක් තවමත් ඉතිරිව නොමැති නිසාවෙනි.

සංචාරක කර්මාන්තය තුලින් රටේ ආර්ථිකය වර්ධනය වීම සිදුකල යුතුව නමුත් ඒ ආර්ථිකය වර්ධනය කිරීමට මත්තෙන් ගමේ ආර්ථිකය වර්ධන කරමින් ජනතාවගේ අතමිට සරු කල යුතු නැද්ද.

නිරන්තරයෙන් දේශපාලඥයන්ගේ අමූලික මුසාවන්ට ලක්වෙමින් තමන්ගේ වටිනා ඡන්දය ලබා දෙන මොවුන් මොවුන්ගේ සිත්වල අහස උසට බලාපොරොත්තු රැසක් ලියලිමින් මොවුන් බලාපොරොත්තු වන්නේ අපේ ගමට හොද කල දශාවක් උදා වන්නේ කෙදිනකදැයි කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ බලා සිටිති.

නමුත් මොවුන්ගේ ජීවිත අප්‍රසන්තා අඳුරු වලාපටලයකින් වෙලා ගෙන ඇති බව මොවුන් දැනගෙන නොසිටින්නට පුළුවනි.

පාසලක්, රෝහලක් පේන තෙක් මානයක නැති අලි වළසුන් සිටින මේ රුදුරු වන පෙතේ ගෙවන ජීවත හරි පුදුමාකාරය උදේට ඉර පායනවා සවසට ඉර සැඟවෙනවා කියන අර්ථය පමණක් දන්නා මොවුන්ට නුදුරු අනගතයේදී හොද කල දශාවක් උදාවන්නේ කෙදිනකදැයි කිව නොහැකි තරම්ය.

මරණ තුනක් ඇති මිනිසෙක් තනිවම කෑවළු කියන කතාවේ යථාර්ථය මොවුන්ගේ ජීවත වෙලාගෙන ඇති බව වරෙක බියකරුය නමුත් ඔවුන් ඒ ජීවිත වලට හුරුව තිබීම ඔවුන්ටම අවේණික වූ සම්ප්‍රධායක් බව කිව යුතුය.

කෙසේ නමුත් සාමය සහජීවනයේ එකමුතුකම ලොවට කියාපාන මේ අසරණ ජනතාව අතර, කිසිදු ආකාරයකින් ගැටුම් අරගල වාර්තා නොවීම එක්පසෙකින් මොවුන් වාසනාවන්ත නිසවෙනි.

රජය වෙනස් වූවත් රාජ්‍ය නිලධාරින් වනාහි වෙනස් නොවිය යුතු පිරිසක්ය එසේ වෙනස් නොවිය යුත්තන්ගෙන් හෝ මොවුන්ගේ අඟ හිඟකම් පිටු දැක මොවුන්ට නිරන්තරයෙන් සරණක් වන්නේ නම් එය මොවුන්ගේ හදවත් තුළ පැලපදියම් වී ඇති සිහින යථාර්ථයක් බවට පෙරලවා ගැනීමට හැකිවන බව අපට ඔවුන්ගේ මුවින් නොකීවත් ඇස්වලින් කියවෙන්නට විය.



පුත්තලම - ප්‍රියංකර කළුපහන



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top