Hirunews Logo
%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+250+%E0%B6%9A%E0%B7%8A.
Thursday, 11 September 2014 - 15:35
එකම ගසක කඩුපුල් මල් 250 ක්.
285

Shares
22,856

Views
කඩුපුල් මල් 250 ක් පමණ එකම  ගසක  පිපී තිබෙන දුර්ලභ ඝණයේ චමත්කාර දසුනක් ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙහි එප්පාවල සදරැස්ගමින් දැක ගත හැකි විය.

හිරු බැස යන විට උදෑසන පිපි මල් කෙමෙන් මිලාන වී ගියද , ඇතැම් මල් හිරු බැස යන විට පිබිදෙති. එසේ රෑ මනාලියන් බඳු රැයේ පිපෙන  පියකරු මල් අතරින් කඩුපුල් මලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. කඩුපුල් මල කෙතරම් අලංකාර පුෂ්පයක්ද යත්, ඒවා පිපෙන සමයේ නා ලොවින් නාගයන් මෙහිවුත් කඩුපුල් නෙළා සිරිපා වඳින්නට යතැයි ජනප‍්‍රවාදයක් ද පවතී.කඩුපුල් මල් පිළිබඳව නොයෙක් තැන්වලදී බොහෝ දෙනකු අසා තිබුණත් ඉතා අලංකාර මලක් වන කඩපුල් මල, රැයේ පිපී රැයේම පරව යන හෙයින් ඒ මලේ අසිරිය දැක ඇත්තේ  ටික දෙනෙකි.එප්පාවල සදරැස්ගම , අංක 142 දරණ ලිපිනයේ පදිංචි එච්.ජී ජයසිංහ මහතාගේ ගෙවත්තේ  ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙහි කඩුපුල් 250 කට ආසන්න සංඛ්‍යාවක් පිපී තිබෙන අයුරු දැක ගත හැකි විය.එම ගෙවත්තෙහි සෑම තැනකම කඩුපුල් ගස් ඇති අතර, එම සෑම කඩුපුල් ගසකමද මල් පිපී තිබෙන අයුරු දැක ගත හැකි විය.

ලොව ආශ්චර්යමත් පුෂ්පයක් සේ සලකන කඩුපුල් මල් මධ්‍යම රාත්‍රියේ පිපී උදෑසන වනවිට පරවී යයි. කඩුපුල් මල යනු කා අතරත් ප‍්‍රචලිත මලකි. විවිධ වර්ණ හා විවිධ හැඩයෙන් යුතුව දිවයිනේ  ඕනෑම කාලගුණ තත්ත්වයකට ඔරොත්තු දෙන ආකාරයෙන් පිපෙන කඩුපුල් මලක් සෙන්ටිමීටර් 10 සිට 30 දක්වා විශාලත්වයකින් යුතුය. මුල් කාලයේ  Phyllocactus ලෙසත් දැනට Epiphyllum ලෙසත් හඳුන්වන මෙම ගණයට අයත් කඩුපුල් විශේෂ දහනවයක් පමණ හඳුනාගෙන තිබේ. තවද මුහුන්කරණ ක‍්‍රම මඟින් මල් වවන්නන් විසින් නව විශේෂ ගණනාවක්ම ව්‍යාප්ත කර ඇත.කඩුපුල් ශාකයට Epiphyllum යන ගණ නාමය දී ඇත්තේ පත‍්‍ර මත මල් හට ගැනීම පදනම් කර ගෙනය.

තම ගෙවත්තේ පිපී තිබූ කඩුපුල් මල් පිළිබද අද පුවත්පත වෙත අදහස් දැක්වූ එච්.ජී ජයසිංහ මහතා.
මම   අවුරුදු 10 කට  විතර කළින් හිටවපු කඩුපුල් ශාකයක තමයි මේ මල් 250 ක් පමණ හට ගත්තේ, ගිය අවුරුද්දේ මීටත් වඩා මල් පිපුණා, මේ වර්ෂයේ ඉඩෝරය වැඩි නිසා වෙන්න ඇති මල් ටිකක් පිපුණා අඩුයි.ඒ වගේම මේ මල් පිපෙන්නේ ඉඩෝර කාළයකදී පමණයි.කඩුපුල් මල් පිපුණම මුළු වත්තම හරි සුවදයි.හවස 06.00 විතර ඉදන් කඩුපුල් මල පිපෙන්න පටන් ගන්නවා.මධ්‍යම රාත්‍රිය ආසන්න වන විට තමයි මල සම්පූර්ණයෙන්ම පිපී අවසන් වෙන්නේ.හරි ලස්සනයි මේ මල.කඩුපුල් මල උඩවැඩියා හා පතොක් යන ඝන දෙකටම අයිතියි කියලා මම අහලා තියෙනවා.කඩුපුල් ගස් හදා ගන්න එක අමාරූ නෑ.මේ කොළයක් පස් යට දාලා තිබ්බම ඉක්මනට පැල වෙනවා .කඩුපුල් මල ඉතා චමත් කාර මලක් යැයි පැවසීය.

 මෙම චමත්කාර දැක ගැනීමට පැමිණි ගල්කන්ද පුරාණ විහාරයේ ශ්‍රී විශ්ණු දේවාලයේ කපුමහතා වන කේ.බී ජයරත්න මහතා කියා සිටියේ,

මගේ ජීවිත කාළය දැන් අවුරුදු 59 ක් වෙනවා,මගේ ජීවිත කළායටම මේ වගේ මල් ගොඩක් එක ගසක එක විට පිපි තිබෙනවා දැකලා නෑ. ජනවහරේ කථාවක් තියෙනවා මේ මල් පිපෙන්නේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේ නිසා මේ මල් දෙවියන් උදෙසා පිපෙනවා කියලා.මේ ජයසිංහ මහතාගේ නිවසේ මේ තරම් මල් විශාල ප්‍රමාණයක් එකවර පිපීම ඒ පවුලේ පිනක් විය යුතුයි කියා මා සිතනවා.කඩුපුල් මලට නම සෑදුනු ආකාරය පිළිබදද ජනප්‍රවාදයක් පවතිනවා.කඩුවක හැඩය ගත් පත‍්‍ර ඇති බැවින් හා මානෙල් (උපුල්) මල් වැනි පුෂ්ප හට ගන්නා බැවින් කඩු + උපුල්, කඩුපුල් වූවා යැයි බොහෝ දෙනකු පවසනවා.

ජයසිංහ මහතා හා ඔහුගේ බිරිද වන මේනකා හේරත් මහත්මියද අද (11) අලුයම මෙම කඩුපුල් මල් 250 ට ආසන්න සංඛ්‍යාව  එප්පාවල ගල්කන්ද පුරාණ රාජ මහා විහාරයට පූජා කළේය.






































තිසර සමල් - එප්පාවල
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top