%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%92
Thursday, 18 July 2019 - 14:40
දරුණු නියගය විල්පත්තුවටත් බලපායි
24

Shares
1,972

Views
පුත්තලම, අනුරාධපුර, මන්නාරම යන දිස්ත්‍රික්කයන් මධ්‍යයේ පිහිටා ඇති විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන සිවුපාවුන් පවතින අධික නියගයෙන් පීඩාවට පත්ව සිටි.

හෙක්ටයාර් එක්ලක්ෂ තිස්තුන් දහස් හයසිය හතක භුමි වපසරියකින් යුක්ත වූ මෙම ජාතික වනෝද්‍යානය පෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමකින් සමන්විත විශාලතම ජාතික වනෝද්‍යානයක් වන අතර, මෙහි අලි, කොටි, වළසුන්,  උරගයින්, උභය ජීවින් ඇතුළු බහුතරයක් වන සතුන්ගේ සිය වාස භුමිය බවට පත්ව තිබීම මෙහි සුවිශේෂ වූ ලක්ෂණයකි.

මෙහි විශාල ප්‍රමාණයේ විල්ලු රාශියකින් සම්පූර්ණ වී තිබීම නිසාවෙන් සතුන්ගේ දිය පහසුව ඉන් පහසුවෙන් සිදුවුවද මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියං තත්ත්වය හේතුවෙන් මේ වන විට එහි විල්ලු රැසක ජලය සිදි වියළි ඉරිතැලී ගොස් තිබේ.

විල්ලු අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා විල්ලු වන මයිලවිල්ලුව, මයිලනාගවිල්ලුව, පෙරිය විල්ලුව, පෙරිය උප්පු විල්ලුව, සින්න උප්පු විල්ලුව යන විල්ලු සමූහය සම්පූර්ණයෙන් සිදී ගොස් තිබීම නිසාවෙන් වන සතුන් දැඩි පීඩාවට පත්ව තිබේ.

එම නිසාවෙන් මේ වන විට වන ජිවි දෙපාර්ත්තුමේන්තුව මේ දින වල කෘතිම දිය වළවල් ඉදිකර දෛනිකව ඒ සදහා බවුසර් රථ මගින් ජලය සැපයීම සිදුකලද සතුන්ට ප්‍රමාණවත් ජලයක් නොලැබීම හේතුවෙන් සතුන් බහුතරයක් ජාතික වනෝද්‍යානයේ වෙනත් ස්ථාන කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

දරුණු නියං තත්ත්වය හේතුවෙන් වන අලියන් රංචු වශයෙන් රාත්‍රි කාලයේදී  දිය සොයා ගම්බිම් වෙත ඇදී ඒමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එසේ ගම්බිම් වෙත පැමිණෙන වන අලියන් භව බෝගවලටද විශාල වශයෙන් අලාභ හානි සිදුකර උදෑසන කාලයේදී නැවතත් ජාතික වනෝද්‍යානය බලා පිටත්ව යාමට ඔවුන් හුරුව සිටිති.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top