%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%AB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 17 September 2019 - 15:36
දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත්වෙයි - (ඡායාරූප)
18

Shares
1,454

Views
නෙළුම් කුළුණ මහජනතාවට විවෘත කිරීම, තවත් සතියකින්

දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැළකෙන කොළඹ - නෙළුම් කුළුණ තවත් සතියකින් මහජනතාවට විවෘත වනවා. ඊයේ දින නෙළුම් කුළුණ අති උත්කර්ශවත් අන්දමින් විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

මීටර 350 ක උසින් යුත් නෙළුම් කුළුණ, දකුණු ආසියාවේ උසම කුළුණ වන අතර, ලෝකයේ 19 වන උසම කුළුණද වනවා.

ශ්‍රී ලංකා ඉංජිනේරුවන් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නිර්මාණ වූ නෙළුම් කුළුණ මෙරට ගොඩනැගිල්ලක ඇති වේගවත්ම සෝපාන ත්‍රිත්වය ද හිමිකම් කියන අතර, එම සෝපාන තත්ත්පරයට මීටර් 7ක වේගයෙන් තත්ත්පර 35කදී කුළුණේ මුදුනේ ඇති නැරඹුම් වේදිකාව වෙත ගමන් කිරීම ද විශේෂත්වයක්.

කුළුණෙහි පළමු සහ දෙවන මහල් දෙකම වෙන් කර ඇත්තේ රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු වෙනුවෙන්.

නෙළුම් කුළුණේ 3 වන සහ 4 වන මහල් වෙන් කර ඇත්තේ උත්සව ශාලා දෙකක් සඳහායි. එමෙන්ම, කැරකෙන අවන්හල නෙළුම් කුළුණෙහි වඩාත් ආකර්ශනීය ස්ථානයක් වනු ඇති.

මීට අමතරව කුළුණෙහි 7 වන මහල වෙන් කර ඇත්තේ කොළඹ මනරම් පරිසරය ගුවනේ සිට නැරඹීමටයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top