2012 මැයි 12 සෙනසුරාදා- පස්වරු 07:28
සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය වෙසක් පෝය ලබන්නට පෙර දින විශේෂ ගමනක් ගියා. ඒ මහරගම පතිරගොඩ පාරේ ජීවත්වන පුද්ගලයෙකු බැලීමටයි. ඔහු කිසිවෙකු නොව ශ‍්‍රී ලංකාවේ මහා ගාන්ධර්වයා ලෙස විරුදාවලිය ලැබූ පණ්ඩිත් අමරදේවයන් බැලීමටයි. ඔහු මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසුවනවා. අමාත්‍යවරයා පැමිණීම දුටු අමරදේවයන් පුදුමයට පත්ව මහා සතුටකින් ඔහු පිළිගත්තා.
කලක පටන් දෙදෙනා අතර මහා මිත‍්‍රත්වයක් තිබුණා. එහිදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළා.
‘‘මම ඉතින් ඔබතුමා බලන්න එනවනේ. කොහොමද බෙහෙත් හේත් නිසි විදියට ගන්නවද? මේ උතුම් දවස උදාවන්න ලංවෙනකොට මම ඉතින් ඔබතුමා බලන්න ආවා.’’
මෙහිදී අමරදේවයන් වියත් සිංහලෙන් පිළිතුරු දෙමින් තම සතුට දැඩි ලෙස ප‍්‍රකාශ කළා.
දෙදෙනා අතර මිනිත්තු 45 ක් පමණ කථා බහක් පැවති අතර පසුව අමාත්‍යවරයා අමරදේවයන්ගේ නිවසින් පිටත්වුණා.