2012 ජූනි 23 සෙනසුරාදා- පස්වරු 08:13
පසුගිය සඳුඳා කොළඹ බිෂොප් විද්‍යාලයීය රඟහලේදී මහාචාර්ය ධම්මික ගංගානාත්ගේ පැණි වළලූ පොත එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණා. ඊට විපක්ෂ නායකවරයා මෙන්ම අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේනද, අමාත්‍ය රංජිත් සියඹලාපිටියද එක්ව සිටියා. එහිදී මාස්ටර් සර්, මට හිමිතැන මට දෙන්න යන ගීතය එක්තරා යුවතියක් විසින් බටහිර ඌරුවට ගායනා කළා.
එම ගීතයට පෙර කතාව තිබුණේ අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේනටයි. නිවේදන කටයුතු සඳහා සහභාගී වී සිටි සමන් ආතාවුදහෙට්ටි ගීතයෙන් පසු මෙවැනි ප‍්‍රකාශයක් කළා.
අර සිංදුව කිසිසේත්ම මෛතී‍්‍රපාල ඇමතිතුමාගේ තෝරා ගැනීමක් නොවෙයි. එතුමා කවදාවත් හිමිතැන ඉල්ලලා සිංදු කිව්වේ නෑ. හැබැයි ඊට පස්සේ කතා කරන්න ඉන්න එක්කෙනා ඉස්සරහා නම් අනේ සර් මට හිමිතැන මට දෙන්න කිය කියා සිංදු කියන අය ඉන්නවා.
ඊළඟ කතාව තිබුණේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහටයි.