2012 ජූනි 24 ඉරිදා- පෙරවරු 10:27
පසුගිය සතියේ පාර්ලිමේන්තුව රැස්වූයේ උණුසුම් වාද විවාද රැසක් සමගයි. කටුවන ද්විත්ව ඝාතනයද ඊට ප‍්‍රධාන හේතුවක්. අමාත්‍යවරු සහ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සමග කතාබහක නිරත වෙමින් සිටියා. මෙහිදී ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් නැගෙනහිර පළාතේ සිදුකළ ප‍්‍රචාරක ව්‍යාපෘතිය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තා. එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර ජෝන් අමරතුංග ඒ දෙසට පැමිණියේ සිනාමුසු මුහුණින්.
මොකද මේ ලොකු සතුටකින්.
මන්තී‍්‍රවරුන් විමසද්දී, ජෝන් අමරතුංග මන්තී‍්‍රවරයා සඳහන් කළේ,
අපි කවදත් සතුටින් ඉන්නේ, යන්නයි.
කිසිම සැකයක් නෑ, විපක්ෂ නායකතුමා ළඟඳි රට යනවා ඇති. ඒ වෙනුවට ඔබතුමාව දැනටමත් දාලා ඇති.
හෙට්ටිගේ එසේ කියද්දී, ජෝන් අමරතුංග මන්තී‍්‍රවරයා මෙසේ සඳහන් කළා.
එහෙම එකක් නම් නෑ. ලැබෙනවා නම් ලැබෙයි. සමහර අයට ඉවසීමක් නෑ.
දැන් ඔබතුමාලගේ පක්ෂයේ කැරළි කණ්ඩායම නිහඬයිනේ.
සරණ ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා සාකච්ජාවට එක්වුණා.
ඒ අයගෙන් බොහෝ දෙනෙකුට දැන් තේරිලා. සමහර අය නායකතුමාගෙන් සමාවත් අරන් තියෙනවා.
ජෝන් අමරතුංග මන්තී‍්‍රවරයා මෙසේ සඳහන් කළේ පසුගිය සතියේ සිරිකොතදී පැවති උත්සවයකදී සුජීව සේනසිංහ මන්තී‍්‍රවරයා විපක්ෂ නායකවරයාට බුලත් අතක් දී නමස්කාර කිරීම පිළිබඳව බව කාටත් වැටහුණා.
අපේ බැසිල් ඇමතිතුමාගේ දුවගේ වෙඩින් එකත් ළඟයිලූ.
මන්තී‍්‍රවරයෙක් එසේ කියද්දී, නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා ඒ දෙසට පැමිණියා.
රාජපක්ෂලා කාට කාටත් මංගල සීනු වදිනවා. දැන් නාමල් මන්තී‍්‍රතුමා කවද බඳියිද දන්නේ නෑ.
හෙට්ටිගේ එසේ කියද්දී, ඩිලාන් පෙරේරා ඇමතිවරයා මෙවැනි ප‍්‍රශ්නයක් විමසුවා.
හැබැයි නාමල් මන්තී‍්‍රතුමා ඔයත් ඉක්මන් කලොත් හොඳයි, තාම කවුරුත් නැද්ද ?
මට නම් තාම කවුරුත් නෑ. හොයාගන්න වෙලාවකුත් නෑ. ඔබතුමාලවත් ටිකක් හොයලා බලන්නකෝ.
නාමල් මන්තී‍්‍රවරයා එසේ කීවේ එතැන සිටි සැවොම සිනා ගන්වමින්.