2012 ජූලි 03 අඟහරුවාදා- පෙරවරු 09:50
පසුගිය සතියේ ජගත් මිහිකත සමුළුවට සහභාගී වූ ජනාධිපතිවරයා ඇතුළු පිරිස බ‍්‍රසීලයේ අගනුවරට පැමිණියා. එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමග ද්විපාර්ශවීය සාකච්ජා පැවැත්වීමට ජනාධිපතිවරයාට අවස්ථාව උදාවුණා. සම්ප‍්‍රදායක් ලෙස මිනිත්තු 20 ක් පමණ දෙදෙනා තනිව කතා කර, පසුව අමාත්‍යවරුන් සහ නිලධාරීන්ද සාකච්ජාවට එක්කර ගත්තා. අනුර පි‍්‍රයදර්ශන යාපා, චම්පික රණවක, විමල් වීරවංශ, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් මෙන්ම ජනපති ලේකම් ලලිත් වීරතුංගද මීට එක්වුණා.
මෙහිදී මන්මෝහන් සිං, අමාත්‍ය චම්පික රණවකගෙන් සාම්පූර් බලාගාරය ප‍්‍රමාදවීම පිළිබඳව ප‍්‍රශ්න කර තිබෙනවා. මීට අමතරව කරුණානිධිගේ ගැටළුව පිළිබඳ ප‍්‍රකාශ කරන්නැයි ජනාධිපතිවරයා චම්පික රණවකට මෙහිදී කියා සිටියා. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ චම්පික රණවක අමාත්‍යවරයා සම්බන්ධයෙන් කරුණානිධි තමන්ට ලිපියක් එවා ඇති බවයි. ඊට චම්පික අමාත්‍යවරයා මෙවැනි පිළිතුරක් ලබා දී තිබෙනවා.
මම උත්තර දුන්නේ ටී.එන්.ඒ. එකේ සම්බන්ධන් මන්තී‍්‍රතුමාටයි, නැතුව කරුණානිධිට නෙමෙයි. ඒ නිසා එයාට කලබල වෙන්න දෙයක් නෑ.
මෙම සාකච්ජාවද අවසන් වී මිහිකත සමුළුවද අවසන් වීමෙන් අනතුරුව ජනපති ඇතුළු පිරිස ශී‍්‍ර ලංකාවට ඒමට ගුවන් ගතවුණා. ඉන්ධන පුරවා ගැනීම සඳහා ගුවන් යානය දකුණු අපි‍්‍රකාව බලා ගමන්ගත් අතර, ඒ අතරතුරදී ඇමතිවරුන් හොඳ හැටි නිදාගත් නිසා ඔවුන්ට විවේකයක් ලැබුණා. මේ නිසා පසුව ඇමතිවරුන්ට දීර්ඝ ගුවන් ගමන අතරතුර ගී ගැයීමට අවශ්‍යතාවයක් මතුවුණා. පළමුවෙන් විමල් වීරවංශ, චම්පික රණවක, අනුර යාපා යන අමාත්‍යවරුන් මෙන්ම ජනපති ඡුායාරූප ශිල්පී සුදත් සිල්වාද ගී ගැයීමට එකතු වුණා. ඉන් අනතුරුව උදය ගම්මන්පිල පළාත් අමාත්‍යවරයා මෙන්ම මහින්ද අමරවීර අමාත්‍යවරයාද ගී ගයන්නන් අතරට පැමිණියා.
ටික වේලාවක් යනවිට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග එම ස්ථානයට පැමිණි අතර, ඔහු ඩොලැක්කියක්ද ගෙන එය වාදනය කරමින් දිගටම ගී ගයමින් සැමදෙනාම රසවත් කරන අයුරු දක්නට ලැබුණා. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා මේ ස්ථානයට නොපැමිණෙන්නේ මන්ද යන්න කාගේත් විමසිල්ලට ලක්වුණා. සිදුව තිබුණේ ගුවන් සේවිකාවන් වෙන වෙනම ජනාධිපතිවරයා සමග ඡායාරූප ගැනීම සඳහා අවස්ථාව උදාකර ගැනීමයි.