2012 ජූලි 21 සෙනසුරාදා- පස්වරු 07:33
පසුගිය සතියේ දේශපාලන ලෝකය කැළඹීමට ලක් කළේ පළාත් සභා මැතිවරණයයි. එහිදී විශේෂයෙන්ම නැගෙනහිර පළාත් සභාවට නාමයෝජනාදීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ගැටළු රැසක් පැන නැගුණා. ඒ, සන්ධානයේ පක්ෂ කිහිපයක් නැගෙනහිරට වෙන වෙනම ඉදිරිපත් වීමයි. එසේ වූයේ එම පක්ෂ සන්ධානයෙන් ඉල්ලූ අපේක්ෂක සංඛ්‍යාවන් නොලැබීම හේතුවෙන්. මීට පෙර සන්ධානය සමග තරග වදින පැවසූ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තනිවම තරග කිරීමට තීරණය කර තිබුණා. කොළඹ මහ නගර සභාවෙන් ඉල්ලා අස්වූ නාගරික මන්තී‍්‍ර අසාත් සාලි ද මඩකලපුවෙන් මුස්ලිම් කොංග‍්‍රස් ලැයිස්තුවට ඇතුළත් වුණා.
මීට අමතරව ජාතික නිදහස් පෙරමුණද නැගෙනහිර පළාත් සභාව සඳහා ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයට තනිවම තරග වදිනවා. ඒ, ජවිපෙ හිටපු මන්තී‍්‍ර ජයන්ත විජේසේකරගේ නායකත්වයෙන්. ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමෙන් අනතුරුව ඔවුන්ගේ පංචායුධය ලකුණෙන් තරග වදින පළමු මැතිවරණය වන්නේද මෙයයි.
එම පෙරමුණේ දේශපාලන මණ්ඩලයද පසුගිය බදාදා බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී රැස්වුණා. එහිදීද, මේ සම්බන්ධයෙන් කතා බහට ලක්වී තිබෙනවා.