Hirunews Logo
%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Saturday, 24 September 2011 - 20:31
ජවිපෙ පුපුරයි.
11

Shares
1,347

Views

ජනතා විමුක්ති පෙරමුණ දෙස ඊට පක්ෂ සහ විපක්ෂ සියලූ ජනතාව බලා සිටින්නේ ආශ්වාදජනක හැඟීමකින්. ඔවුන් කරන කැපවීම තමන්ට කළ නොහැකි බව ඔවුන්ට එරෙහි පාක්ෂිකයන් පවා පිළිගන්නා සත්‍යයක්. 1989 මහා භීෂණයෙන් අනතුරුව ජවිපෙ යළි වසර විස්සකින්වත් ගොඩනැගෙන්නේ නැතැයි ඇතැම් පක්ෂ නායකයන් කළ අනාවැකි බිඳ දමමින් වසර 05 කින් යළි ජවිපෙ ගොඩනැගෙන්නේ 1994 දී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයක් පවා දිනා ගනිමින්. එදා මෙදා තුර ජවිපෙ ආ ගමන්මග දෙස යහපත් ආකල්පයකින් බලා සිටි ජනයාට එහි බිඳ වැටීම දැනෙන්න පටන් ගන්නේ 2005 ජනාධිපතිවරණයෙන් පසුවයි. මහින්ද රාජපක්ෂ, ජනාධිපති පුටුවේ හිඳවා විපක්ෂයට වී සිටීමට මධ්‍යම කාරක සභාවේ බහුතරය ගත් තීරණයෙන් පසු විමල් වීරවංශ පක්ෂය හැරයාම එහි ප‍්‍රබල අවස්ථාවක් ලෙස සනිටුහන් වුණා. ඉන් අනතුරුව දැන් ජවිපෙ දරුණුම පිපිරීම මතුව ඇතැයි සඳහන් කළහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත.

 

විමල් වීරවංශ පක්ෂයෙන් ඉවත්වීමෙන් අනතුරුව පැවති පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධානයකට ගිය ජවිපෙ සරත් ෆොන්සේකාට සහය දැක්වූවා. ඉන් පසු ලාල්කාන්ත වැනි ජවිපෙ නායකයන් අවධාරණය කළේ යළි කිසිදු දිනෙක ජවිපෙ සන්ධානයකට නොයන බවයි. එහෙත් මෙවර අර්බුදය හටගෙන ඇත්තේ සන්ධාන යෝජනාවක් යළිත් ඉදිරිපත් වීමෙන් බව එහි කැරළිකාර පාර්ශවය සඳහන් කරනවා. එම පාර්ශවයේ නායකත්වය උසුලන්නේ පේ‍්‍රමකුමාර් ගුණරත්නම් නැමැත්තෙක්. ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු එහි ප‍්‍රසිද්ධියේ පෙනී සිටින නායකයින් කියා සිටින්නේ පේ‍්‍රමකුමාර් ගුණරත්නම් නැමැත්තෙකු තම පක්ෂයේ කිසිඳු දිනෙක නොසිටි බවයි.

 

එහෙත් තතු දන්නෝ පේ‍්‍රමකුමාර් ගුණරත්නම් හෙවත් කුමාර මහත්තයා නැතහොත් කුමාර අයියා ජවිපෙ කෙතරම් ප‍්‍රබල චරිතයක්ද යන්න ප‍්‍රකාශ කරනු ඇති. 1994 දී ජවිපෙ යළි ප‍්‍රසිද්ධ දේශපාලනයට පැමිණීමේදී තිරය පිටුපස සිට පක්ෂය ගොඩනැගීමට සුවිශාල දායකත්වයක් සපයා ඇත්තේ මේ කුමාර මහත්තයායි. එම දිනවල ශී‍්‍ර ජයවර්ධනපුර සරසවිය ඇතුළු සරසවිවලට යමින් එමින් ඔහු පක්ෂයේ සංවිධාන කටයුතු සිදුකළ ආකාරය එකල ජවිපෙ සිටි පිරිස් සිහිපත් කරන බව රහසක් නොවෙයි. එහෙත් පසුගිය කාලයේ ඔහු රටින් පිටවුණා.

 

ආරංචි මාර්ග ප‍්‍රකාශ කරන පරිදි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල්කාන්ත අලූත් දේශපාලන මණ්ඩලයක් පිහිටුවිය යුතු බවට යෝජනාවක් කර ඇත්තේ අර්බුදය විසඳීමටයි. එහිදී පුබුදු ජාගොඩ හෙවත් ලසිත්, මාලන්, අශෝක සහ සමාජවාදී කාන්තා පෙරමුණේ ජාතික සංවිධායිකා දිමුතු ආටිගලට දේශපාලන මණ්ඩලයෙන් ඉවත්වීමට සිදුවනවා. එහෙත් කුමාර් ගුණරත්නම්ට හිතවත්  ඕපාතට දේශපාලන මණ්ඩලයේ සිටීමට අවස්ථාව හිමිවන්නේද මධ්‍යම කාරක සභාවේ තීරණය අනුවයි. ඉන් අනතුරුව මධ්‍යම කාරක සභාව කැඳවූවත් එහි සාමාජිකයන් 13 දෙනෙකු කුමාර් මහත්තයාට පක්ෂව සිටින අතර 12 දෙනෙකු සෝමවංශ අමරසිංහ පාර්ශවයට පක්ෂ වී තිබෙනවා.

 

පසුව කුමාර් ගුණරත්නම්ගේ පාර්ශවය ඉල්ලා සිටින්නේ පක්ෂයේ මහ සමුළුවක් කැඳවිය යුතු බවයි. ඊට පක්ෂයේ යටිපෙළ සාමාජිකයන් බහුතරයකගේ අත්සන්ද ලබාගෙන ඇති බව වාර්තා වුණා. එහෙත් එවැනි මහ සමුළුවක් කැඳවන්නේ වසර 05 කට පසු ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වාගේ මතයයි. මේ අනුව කුමාර මහත්තයාගේ පාර්ශවයට තව විකල්පයක් ඉතිරිව තිබෙනවා. එනම් මැතිවරණ කොමසාරිස් සතුව තිබෙන ජවිපෙ සාමාජික ලැයිස්තුවේ බහුතරයක අත්සන් ගෙන මහ සමුළුවක් කැඳවන ලෙසට නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමයි.

 

ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ අජිත් කුමාර පසුගිය සතියේ පාර්ලිමේන්තු සභා වාරවලට ද පැමිණ සිටියේ නැහැ. බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර වරුණ දීප්ති රාජපක්ෂද මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වුණා. ඔවුන් කැරළිකාර පාර්ශවය නියෝජනය කරන බව විවිධ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර, පක්ෂ මූලස්ථානය අත්පත් කර ගැනීමේ අරගලයක්ද පසුගිය සතියේ දියත් කෙරුණු අතර, එහි සේවය කරන පූර්ණ කාලිනයන්ගෙන් බහුතරයක බලයද කුමාර මහත්තයා හිමිකරගෙන සිටින බව සඳහන්.

 

ලංකා පුවත්පතද පසුගිය සතියේ සිකුරාදා දිනයේ සුපුරුදු පරිදි වෙළඳපොලට නිකුත් නොකෙරුණු අතර, එය වෙළඳපොලට ඉදිරිපත් කෙරුණේ සෙනසුරාදා දිනයේයී. එහෙත් එහි විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් පුවත්පතේ ප‍්‍රකාශකයාගේ නම මුද්‍රණය විය යුතු වූවත් මෙහි එය මුද්‍රණය වී නොමැති වීමයි. ඒ වෙනුවට ප‍්‍රකාශකයාගේ නම සහ මුද්‍රණාලයේ නම රබර් මුද්‍රාවකින් පළමු පිටුවේ සඳහන් කර තිබෙනවා. එහි REBEL (කැරළිකරුවා) යන අතිරේකයේ කවියක මෙසේ සඳහන් වනවා.

 

සහෝදරයා
වීථියේ සිටින විට ඔබ
කීවේ විප්ලවය ගැනයි

 
මුඩුක්කු ගෙවල්වලට යන විට
ඔබ කීවේ විමුක්තිය ගැනයි
ජනතාව අතර ඔබ සිටින විට
දියේ සිටි මාළුවෙක් වගෙයි


මාක්ස්, ලෙනින්, මාවෝ ගැන
ඔබ කතා කළා මතකයි
සමාජවාදය, කොමියුනිස්ට්වාදය
ඔබගේ වචන අතර තිබුණා


ඒත් දැන් ඔබ
පාර්ලිමේන්තු අසුනක
වීථියේ උන් කියන කිසිවක්
ඔබට දැන් නෑසෙයි

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top