%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Saturday, 24 September 2011 - 20:33
ජනපති - රනිල් හමුවක්.
16

Shares
2,015

Views

ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමට නිව්යෝක් නුවර බලා පිටත්වීමට පෙර කතරගම ගොස් පුදබිම වන්දනාමාන කර ගත්තා.


ජනාධිපතිවරයා කතරගම ගොස් සිටියදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහද කතරගමට පැමිණියා. දෙදෙනා කතා කරගෙන පැමිණි ගමනක් නොවුවත්, රටේ ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා එකම ස්ථානයක සිටීම විශේෂ සිද්ධියක් වුණා. ජනාධිපතිවරයා, කතරගම ජනාධිපති මන්දිරයේ නැවතී සිටියදී විපක්ෂ නායකවරයා සිය බිරිඳ මෛතී‍්‍ර වික‍්‍රමසිංහ සමග නවාතැන් ගත්තේ කතරගම හෝටලයකයි. කෙසේ වෙතත්, පාන්දර ජාමයේ ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා මුණ ගැසුණු අතර එම අවස්ථාවට මෛතී‍්‍ර වික‍්‍රමසිංහ ද එක්ව සිටියා.


ඉන් අනතුරුව කතරගම දේවාලයේ අළුයම පූජාවටද එක්වු විපක්ෂ නායකවරයා කොළඹ බලා පැමිණියා. ජනපති, විපක්ෂ නායක හමුවේදී රටේ වත්මන් තත්ත්වයද විවිධ දේශපාලන ව්‍යාපාරවල අර්බුද පිළිබඳව කතා බහ කරන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
9 Views
78,477 Views
26,174 Views
37,019 Views
270 Views
122,253 Views
Top
hirunews Sinhala,sri lanka Sinhala news,Sinhala political news,Sinhala breaking news,sports,finance,entertainment,sri lanka,lanka, sri lanka Sinhala news, lanka news, sri lanka cricket, sri lanka breaking news,Sinhala news,A Rayynor Silva Holdings Company