Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BD%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
Friday, 30 September 2011 - 19:37
රනිල් තී‍්‍රවීලරයෙන් - සජිත් බයිසිකලයෙන්.
11

Shares
1,322

Views

පසුගිය අඟහරුවාදා (27) විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මාලිගාවත්තේ රැස්වීමකට සහභාගීවීමට නියමිතව තිබුණා. පී.ඞී. සිරිසේන කී‍්‍රඩාංගනයේ සංවිධාන කර තිබුණේ තී‍්‍රරෝද රියදුරන්ගේ රැස්වීමක්. ඊට එක්වීම සඳහා විපක්ෂ නායකවරයා සූදානම් වී, කොළඹ මාකස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ සිටින විට එක්සත් ජාතික පක්ෂ කොළඹ නගරාධිපති අපේක්ෂක ඒ.ජේ.එම්.මුසම්මිල් එතනට පැමිණියා.

 

සර්, අපි අද යන්නේ තී‍්‍රවිල් අයගේ රැස්වීමකටනේ. ඒ නිසා වෙනසකටත් එක්ක අපි තී‍්‍රවිල් එකෙන්ම රැස්වීමට යමු ද ?

 

දෙවරක් නොසිතු විපක්ෂ නායකවරයා එකහෙලා ඊට එකඟ වුණා.


හරි අපි තී‍්‍රවිල් එකේ යමු.


එහෙත් බරපතල ප‍්‍රශ්නයකට මුහුණපෑවේ විපක්ෂ නායකවරයාගේ ආරක්ෂක අංශයයි. වහාම යතුරුපැදි කිහිපයක් සහ තී‍්‍රරෝද රථයක් සොයාගත් ආරක්ෂක අංශය විපක්ෂ නායක කාර්යාලයේ සිට මාලිගාවත්ත දක්වාම ආරක්ෂාව ලබා දුන්නේ පෙර කිසි දිනෙක නොලැබු අත්දැකීමක් එක්කර ගනිමින්.

ගමන අතරමඟදී මුසම්මිල්, විපක්ෂ නායකවරයාගෙන්, ගමන කොහොමදැයි විමසුවා.

මට මේවා හුරුයි. එදා ඉදලම මම රහස් ගමන් ගියේ තී‍්‍රවිල් එකෙන්.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අඟහරුවාදා තී‍්‍රරෝද රථයෙන් රැස්වීමකට ගිය අතර, බදාදා (28) නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස පා පැදියකින් ගමන් කළා. ඒ, හම්බන්තොට ඡන්ද ප‍්‍රචාරක කටයුතුවලට සහභාගීවීම සඳහායී.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මන්නාරමේ ඩොරික් බංගලාව මුහුදු ඛාදනයට ලක්වෙයි
Friday, 07 September 2018 - 8:05
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ‍ෆේඩ්රික් නොර්ත් විසින් සිය... Read More
News Image
Hiru News Programme Segments
1,515 Views
640 Views
6,583 Views
6,382 Views
231 Views
44,731 Views
Top