Hirunews Logo
%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Saturday, 01 October 2011 - 15:33
ජවිපෙ අර්බුදය දිනෙන් දින මෝරයි.
10

Shares
1,257

Views

ජනතා විමුක්ති පෙරමුණ තුළ මතුවී ඇති අර්බුදය දිනෙන් මෝරා යමින් පවතිනවා. පසුගිය බදාදා (28) ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාර කණ්ඩායමේ සාමාජිකයෙකු වන එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ ‘‘වමේ අභියෝගය’’ යන නමින් දේශනයකට සහභාගි වූයේ කොළඹ නව නගර ශාලාවේදීයි. එදිනම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත නව නගර ශාලාවට ආසන්නයේ පිහිටි මහජන පුස්තකාලයේ වෘත්තීය සමිති සම්මන්ත‍්‍රණයකට එක්වුණා. නව නගර ශාලාවේදී පුබුදු ජයගොඩ මෙසේ සඳහන් කළා.


‘‘ රතු ඇඳ ගත් හැම දෙනාම වමාංශිකයන් නොවේ. නව ලිබරල් ධනේෂ්වරයට වාමාංශිකයන් ද හසුවී තිබෙනවා. අද වම ඉදිරියේ ඇති අභියෝගය මෙයයි.’’

 



මහජන පුස්තකාලයේදී කේ.ඞී. ලාල්කාන්ත මෙවැනි ප‍්‍රකාශයක් කළා.


‘‘ පක්ෂයේ ප‍්‍රශ්නයක් තිබෙනවා. පක්ෂ සම්මේලනය කැඳවන්න එක එක්කෙනාට අවශ්‍ය විදියට බැහැ. පුබුදු ජයගොඩ හරියට පක්ෂ ව්‍යවස්ථාව කියවලා නැහැ. පක්ෂයෙන් එළියට ගිහින් ප‍්‍රශ්න විසදගන්න හැදුවා නම් එළියේම ඉන්න ලෑස්ති වෙන්න.’’

 


එදිනම මාතර පැවැති රැස්වීමකදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මෙසේ කියා සිටියා.

‘‘බට්ටිච්චෙක් උකුස්සෙකුගේ තටුවේ නැගී හුගාක් උඩ ගියා. බට්ටිච්චා හිතුවා මම මේ තනියෙන් උඩ ආවේ කියලා. තටුවෙන් පැන්නා. බට්ච්චා වැටුනා. චූටි චූටි බට්ටිච්චන්ට විශාල දෙයක් වෙනස් කරන්න බෑ.’’

 

කථාවක් ලෙස මෙය ප‍්‍රකාශ කළත් මෙසේ සඳහන් කළේ පුබුදු ජයගොඩ ඇතුළු ජවිපෙ කැරළිකාර කණ්ඩායමට බව රැස්වීමේ සිටි බොහෝ අයගේ කථා බහට ලක්වුණා. ඒ සමගම ඇතැමුන්ට සිතුනේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ මෙවැනි බට්ටිච්චන් මෙතෙක් කල් තබා ගැනීම කාගේ වරදක් ද යන්නයි. එමෙන්ම ජවිපෙ ව්‍යවස්ථාව නොදන්නා දේශපාලන මණ්ඩල සභිකයන් තවත් ජවිපෙ තුළ සිටිනවා දැයි කේ.ඞී. ලාල්කාන්තගේ කථාව ඇසුන විට කෙනෙකුට සිතුනහොත් එය වරදක් ද නොවේ.

 

පුබුදු ජයගොඩගේ දේශනය ඇසීමට බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ මන්ත‍්‍රි එම පෙරමුණේ මධ්‍යම කාරක සභික වරුණ දීප්ති රාජපක්ෂ මෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් පේ‍්‍රමරත්න ද එක්ව සිටිනු දක්නට ලැබුණා. එමෙන්ම එම රැස්වීමට විශාල පිරිසක් එක්ව සිටි අතර කේ.ඞී. ලාල්කාන්තගේ දේශනය ඇසීමට ද ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති සාමාජිකයන් රැසක් එක්ව සිටියා.

 

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කොළඹ පැමිණි විට නැවතීම සඳහා භාවිතා කරන නිවසක් රහස් පොලීසිය විසින් පසුගිය බදාදා (28) සෝදිසියකට ලක් කළා. එය එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, කැරළිකාර කණ්ඩායමේ සාමාජිකයෙකු බව කියන ගාල්ලේ අජිත් කුමාරගේ නිවස බව සඳහන් වුණා. මාදිවෙල පිහිටි මෙම නිවස පරීක්ෂාවට ලක් කළේ මිරිහාන පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මතයි. එහි තිබූ පරිගණක කිහිපයක් ද සාක්ෂි ලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

 

කෙසේ වෙතත් කැරළිකාර කණ්ඩායමේ කි‍්‍රයාකාරීත්වය අඛණ්ඩව ඉදිරියට යන අතර පුබුදු ජයගොඩ සිය කොළඹ දේශනයෙන් අනතුරුව පසුගිය සිකුරාදා (30) හලාවතදී දේශනයක් පවත්වනු ලැබුවා. සුදසුන ශාලාවේ පැවැති එම දේශනයට සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සම්මන්ත‍්‍රණයකට එම ප‍්‍රදේශයේදී එක්වන පිරිස හා සමාන පිරිසක් එක්ව සිටියා.


මේ අතර ‘ලංකා’ පුවත්පත මේ සතියේ සිකුරාදා දින (30) වෙළෙඳපොළට නිකුත් කෙරුණේ නැහැ. පසුගිය සතියේදී වාර්තා වූ අන්දමට එම පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි කර්තෘවරයාව සිටි චන්දන සිරිමල්වත්ත ව එම තනතුරින් ඉවත් කර තිබුණා. මෙම තත්ත්වය මෙසේ මෝරා ගියේ පුවත්පතේ අයිතිකාර සමාගමත්, ප‍්‍රකාශකයාත් දෙපිළට බෙදී සිටීමයි. අයිතිකාර සමාගම කැරළිකරුවන්ගේ පැත්ත ද ප‍්‍රකාශකයා අනෙක් පාර්ශවයේ ද නියෝජනය කරන බව අභ්‍යන්තර තොරතුරු වලින් වාර්තා වුණා. කෙසේ වෙතත් බ‍්‍රහස්පතින්දා (29) පුවත්පත මුද්‍රණය වී තිබුණේ සුපුරුදු මුද්‍රණාලයේ නොව රත්මලානේ ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේය. එහිදී නීති විරෝධී ලෙස ලංකා පුවත්පත මුද්‍රණය කරන බවට ගල්කිස්ස පොලීසියට පැම්ණිල්ලක් ලැබුණා. ඒ අනුව පත‍්‍රයේ පිටපත් 20,400ක් සමග එහි කර්තෘවරයා ලෙස කටයුතු කළ චන්දන සිරිමල්වත්ත ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් ඇප මත මුදා හැරුණා. කෙසේ වෙතත් ගැටළුව ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය දක්වා ගිය අතර එහිදී අධිකරණය ප‍්‍රකාශ කළේ පුවත්පත් තොගය නඩු භාණ්ඩ නිසා මුදා හැරිය නොහැකි බවයි. යළිත් ලබන සතියේ උසාවියට එන ලෙස දෙපාර්ශවයට දැනුම් දුන්නේ පුවත්පත පිළිබද නඩුව විසදීමටයි.

 

ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාර කණ්ඩායමේ තොරතුරු අනුව පක්ෂ සම්මේලනයක් කැදවීමකින් තොරව ගැටළු විසදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. එහෙත් සම්මේලනයක් කැදවීම සඳහා අනෙක් පාර්ශවය සූදානමක් ඇති බව පෙනෙන්නට නැහැ. ඔවුන්ට වඩා කැරළිකාර පාර්ශවය යම් විනයක් ආරක්ෂා කරන බවත් තවම පෙනෙන්නට තිබුණත් ඉදිරිය කෙසේ වේ දැයි ප‍්‍රකාශ කළ නොහැකියි. දිනෙන් දින අර්බුදය මෝරා යමින් පවතින අතර මෙවර ගැටළුව මතුවී ඇත්තේ බහුජන නායකයන් සහ යටිපෙළ නායකයන් දෙපිළට බෙදීම නිසා බව පෙනී යමින් තිබෙනවා. සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ශක්තිය රඳා පවතින්නේ නොපෙනෙන යටිපෙළ සාමාජිකයන්ගෙන් බව නොරහසක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top