Hirunews Logo
%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B6%A7+%E0%B6%85%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%3F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B6%BA%E0%B7%92.
Saturday, 01 October 2011 - 16:00
අපි ලස්සනට අඳිනවට කැමති නැද්ද ? - ජනපති අසයි.
11

Shares
1,340

Views

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගීවීමට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට එක්ව සිටි රාජ්‍ය නායකයින් සමග සුහදත්වයක් ගොඩනඟා ගත් ආකාරය ගැන පාර්ලිමේන්තුවේදීද, ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්තී‍්‍රවරුන් අතර කතා බහ කෙරුණා.

ජගත් පුෂ්පකුමාර, දයාශි‍්‍රත තිසේරා, ලලිත් දිසානායක, මාලිනි ෆොන්සේකා, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, නෙරංජන් වික‍්‍රමසිංහ, හේමාල් ගුණසේකර, වික්ටර් ඇන්තනී යන මැති ඇමතිවරුන්, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේගේ කාමරයේ කතා බහ කරමින් සිටියේ ජනාධිපතිවරයා පැමිණි දේශපාලන ගමන ගැනයි. නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක ජනාධිපතිවරයාගේ මනුෂ්‍යත්වය ගැන කියා පෑමට පුංචි සිදුවීමක්ද ගෙනහැර දැක්වූවා.

ජනාධිපතිතුමා, හරි පුදුම කෙනෙක්. අපේ පක්ෂ සම්මේලනය ගැන සාකච්ජා කරන්න කැඳවපු රැස්වීමක් අවසානයේදී එතුමාගේ මේසය ළඟ අපි කිහිප දෙනෙක් කතා කර හිටියා. එතන වුණු සිද්ධියක්ම ඇති එතුමා තේරුම් ගන්න.

මොකක්ද ? ඒක රහසක් ද ?


එසේ විමසුවේ මාලිනි ෆොන්සේකා මන්තී‍්‍රවරියයි.

ඒ වෙලාවේ ජනාධිපතිතුමා ඇඳගෙන හිටියේ අලූත් ලස්සන, ඇඳුමක්. එතන හිටිය අපේ ඇමතිවරයෙකුගේ අත මේසය උඩ තිබුණු වතුර වීදුරුවේ වැදිලා ජනාධිපතිවරයාගේ ඇඳුමම තෙමුණා. ඒත් එතුමා කිසි දෙයක් කිව්වේ නෑ. මේ තරුණ ඇමතිවරු අපි ලස්සනට අඳිනවට කැමති නැද්ද කියලා හයියෙන් හිනාවෙලා එතනින් යන්නට ගියා. පස්සේ එතුමා එතනට ආවේ වෙනත් ඇඳුමක් ඇඳගෙන.

මෙම කතාව සියලූ මැති ඇමතිවරුන් හොඳින් හිතට ගත් බව පෙනුණු අතර, ඒ සමගස ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සිය අත්දැකීම් ඇසුරින් උදාහරණයක් ඉදිරිපත් කළා.

එතුමාගේ මනුස්සකම වගේම ජනාධිපතිතුමාව කාටවත් රවට්ටන්න බෑ. සමහරු ළඟට එනකොටම එතුමා දන්නවා එන්නේ මොකාටද කියලා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top