Hirunews Logo
%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E2%80%98%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E2%80%99%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%3F
Saturday, 08 October 2011 - 12:14
ජවිපෙ කැරළිකරුවන් ‘හාවා’ගෙන් එයි ද?
8

Shares
973

Views

ජනතා විමුක්ති පෙරමුණේ අර්බුදය මේ වන විට විසදෙන දිසාවට නොව වෙන් වන දිසාවට තව තවත් ලං වෙමින් සිටින බව පසුගිය සතියේ වූ සිදුවීම්වලින් පැහැදිලි වනවා. ජනතා විමුක්ති පෙරමුණ නමින් කොළඹ - මාළිගාවත්ත ප‍්‍රදේශයේ බදාදා (05) සවස පැවැති රැස්වීමකදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙවැනි ප‍්‍රකාශයක් කළා.

කවුද ජේවිපී එකෙන් ගිහිල්ලා තියෙන්නේ. කවුද මෙතැන නැත්තේ. මේ ඉන්නේ ඔක්කොම.’’

ඔහු වේදිකාවේ සිටි පිරිස රැස්වීම නරඹන්නට පැමිණි පිරිසට පෙන්වනු ලැබුවා. වේදිකාවේ සිටියේ පක්ෂ නායක සෝමවංශ අමරසිංහ, අනුර කුමාර දිසානායක, විජිත හේරත්, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, රාමලිංගම් චන්ද්‍රසේකරන් යන ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්.

මෙම රැස්වීමේදී සෝමවංශ අමරසිංහ කළ ප‍්‍රකාශයක් ද වැදගත් සන්ධිස්ථානයක් ලෙස පෙනී ගියා.

‘‘වමේ පක්ෂවල කණ්ඩායම් නෑ. ඔය කණ්ඩායම්වාදය පරාජය කරන්න  ඕන. ඔය කණ්ඩායම් එක්ක අතරමැද සමාදාන නෑ.’’

පසුගිය සතියේදී පොදුජනතාව දන්නා ජනතා විමුක්ති නායකයින් ප‍්‍රකාශ කළේ රට දන්නා සියලූ නායකයින් පක්ෂය සමග සිටින බවයි. ඒ අනුව ද රට නොදන්නා නායකයින් ජවිපෙ සමග නොමැති බව පෙනි යනවා. මේ පිළිබදව කැරළිකාර කණ්ඩායම පවසන්නේ රටට දැන ගැනීමට එම නායකයින්ව වේදිකාවට නග්ගවපු, එම වේදිකා හදපු, එම නායකයින්ගේ කථාවලට අත්පොළසන්දීම සඳහා සෙනග සංවිධාන කරපු, යටිපෙළ නායකයින් දැන් රට දන්නා නායකයින් අමතක කර ඇති බවයි.

මේ අතර පළමු වතාවට ජවිපෙ කැරළිකරුවන් කුමාර් ගුණරත්නම් යන නමින් වන නායකයෙක් ජනතා විමුක්ති පෙරමුණ තුළ සිටින බව පිළිගෙන තිබෙනවා. ඒ  ඕපාත නමින් පක්ෂය තුළ හඳුන්වන සේනාධීර ගුණතිලක නමැති ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයායි. ඔහු දිනපතා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මෙවැනි ප‍්‍රකාශයක් කර තිබුණා.

‘‘කුමාර් මහත්තයාත් තවමත් විශාල වැඩ කොටසක් කරනවා. 1994 දි පක්ෂය යළි නගා සිටුවන විට සෝමවංශ සහෝදරයා හිටියේ විදෙස් ගත වෙලා. ටිල්වින් සහෝදරයා හිරේ ගිහින් හිටියා. අනුර කුමාර සහ විජිත හේරත් කිව්වේ ඔවුන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය ඉවර වෙන තුරු පූර්ණ කාලීන දේශපාලනයට එන්න බැහැ කියලා. 94 ඡන්දෙට අනුරාධපුරයෙන් තරග කරන්න ලාල්කාන්ත බැහැ කිව්වා.’’

කෙසේ වෙතත් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාර පාර්ශවය දිස්ත‍්‍රික්ක පුරා ඇවිදිමින් පක්ෂ සාමාජිකයින් දැනුවත් කරමින් සිටිනවා. පක්ෂය අතහැර ගොස් සිටින බොහෝ දෙනා හමුවී සාකච්ඡා කරමින් සිටින බවත් එම කණ්ඩායම කියා සිටියා. ඔවුන් පවසන පරිදි ඔවුන්ගේ ඉලක්කය වමේ මධ්‍යස්ථානයක් ගොඩනැගීමයි.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාර කණ්ඩායමට එක්ව සිටින එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිමුතු අබේකෝන්ගේ ලේකම් ධුරයෙන් දැනටමත් පක්ෂයක් මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා. හාවා ලකුණුනින් ඇති එම පක්ෂය එක්සත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ලෙස නම් කර ඇති බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

දැනට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් 4 දෙනාගෙන් ගාල්ලේ අජිත් කුමාර මන්ත‍්‍රීවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. ඔහු කැරළිකාර පාර්ශවය සමග එක්ව සිටින අතර සෙනසුරාදා (08) බත්තරමුල්ලේ පැවැති ‘චේ’ සමරුවට ද එක්වුණේ කැරළිකාර පාර්ශවයේ වරුණ රාජපක්ෂ ඇතුළු සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයන් සමගින්.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top