Hirunews Logo
%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A++-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Saturday, 08 October 2011 - 12:17
නාමල් - සජිත් හමුවක්.
3

Shares
364

Views

පසුගිය සතියේ ජනාධිපතිවරයා හම්බන්තොට දිස්ත‍්‍රික් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ඇතුළු නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීම නිසා අවිවේකී කාලසටහනකට වැඩ කිරීමට සිදුවුණා. මැති ඇමතිවරු රැසක් මෙන්ම නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා ද යෝෂිත රාජපක්ෂ ද මෙම අවස්ථාවට එක්වුණා. නාමල් මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රචාරක කාලසටහන දුටු යෝෂිත මෙසේ ප‍්‍රකාශ කළා.

‘‘බුදු අම්මෝ, මේ විදියට රැස්වීම් වලට යන්නේ කොහොමද? මට නම් දේශපාලනේ අරහන් වෙනවා මේවා දකිනකොට.’’

නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා හම්බන්තොට මහින්ද රාජපක්ෂ කණිෂ්ඨ විද්‍යාලයට ගියේ එහි සිටි සිසුන්ගේ සමාචාර මධ්‍යයේයි. සිසුන් ඇද තිබුණු චිත‍්‍ර රැසක් ඔහු නිරීක්ෂණය කළ අතර ඒවායේ හම්බන්තොට සංවර්ධනය සිතුවම් වී තිබුණා.

‘‘අපි ළමයින්ට කිව්වා නිවාඩුවට ගිහින් එනකොට කැමති චිත‍්‍ර ඇදගෙන එන්න කියලා. මේ ඒ ඇදපුවා තමයි.’’

ගුරුවරයෙක් එසේ කියන විට නාමල් මන්ත‍්‍රීවරයා මෙසේ සඳහන් කළා.

‘‘පුංචි දරුවන්ගේ අනාගත සිහින තමයි අපි මේ යතාර්ථයක් කරගෙන යන්නේ.’’


මේ අතර හම්බන්තොට නව බීච් පාක් බැලීමට ගිය ජනාධිපතිවරයා

‘‘කොහොම තිබුණු තැනක් ද මේ ලස්සනට හදලා තියෙන්නේ.’’ යැයි ප‍්‍රකාශ කරද්දි ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා කීවේ ‘‘සර්  ඕනම තැනක් ලස්සන කරන්න තරුණ අයට පුළුවන්.’’

කෙසේ වෙතත් එතැන සිටි පුද්ගලයෙකු නාමල් මන්ත‍්‍රීවරයා පෙන්වමින් මෙසේ පවසනු ඇසුනා.

 ‘‘සර් අපේ අනාගතේනේ මේ ’’


මෙම සංචාරය අතරතුරදී විශේෂිත සිද්ධියක් වුණේ ඡන්ද ප‍්‍රචාරක රැස්වීම් අතර හම්බන්තොට දී නාමල් මන්ත‍්‍රීවරයාට සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා මුණ ගැසීමයි. එහිදී නාමල් මන්ත‍්‍රීවරයා සුහදව සජිත්ව පිළිගත්තා.

‘‘ආ සජිත් අයියා. කොහොමද දැන්’’

පසුව ඊට සුහදව පිළිතුරු දුන් සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා මද වේලාවක් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සමග කතා බහ කරමින් සිටියා. එහෙත් එහිදී කුමන කරුණු දෙදෙනා අතර හුමවාරු වූයේ දැයි කාටත් රහසක් වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
300 Views
39,315 Views
16,325 Views
21,703 Views
272 Views
89,134 Views
Top