Hirunews Logo
%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9E%E0%B7%93%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Friday, 14 October 2011 - 20:08
මාත් එක්ක ඞීල් එපා - රනිල් මනෝට කියයි.
4

Shares
488

Views

විපක්ෂ නායකවරයාගේ කොළඹ මහ නගර සභා ගැටළු ජෝන් රාම්ගේ ගැටලූව විසඳු පමණින් අවසන් වූයේ නැහැ. මන්තී‍්‍ර ධුර 06 ක් දිනාගත් මනෝ ගනේෂන් එක්සත් ජාතික පක්ෂය හා කොළඹ කටයුතු කිරීමට කැමති බව දන්වමින් නියෝජ්‍ය නායක කරූ ජයසූරිය වෙත පණිවුඩයක් එවා තිබුණා. ඒ බව කරූ රනිල්ට දැන්වු අතර, රනිල් කීවේ කලබල නොවී සිටින ලෙසයි. එක්සත් ජාතික පක්ෂයට පාලනය ගෙන යාමට සෑහෙන මන්තී‍්‍ර ධුර සංඛ්‍යාවක් ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා. අවසානයේ මනෝ ගනේෂන් විපක්ෂ නායකවරයාට කෙලින්ම දුරකතනයෙන් කතා කළා.

සර් මට සර්ව හම්බවෙන්න  ඕනේ.

හර් මනෝ  ඕනේ වෙලාවක එන්න.

හැබැයි මාත් එක්ක දේශපාලන ගණුදෙනු කරන්න ලෑස්ති වෙන්න එපා. එකක් මතක් තියා ගන්න, පළාත් සභාවේ මහ ඇමතිට පුළුවන් නගරාධිපතිව ඉවත් කරන්න විතරයි. ඒත් පාලක පක්ෂය ඉවත් කරන්න බැහැ. ඒ කියන්නේ අයවැය පැරදුණු වෙලාවක උනත් ඒක විතරයි කරන්න පුළුවන්. ඒ නිසා දේශපාලන ගණුදෙනු නොකර අපිට සහයෝගය දෙනවා නම් ප‍්‍රශ්නයක් නැහැ.


අවසානයේ සිදුවුයේ මනෝ ගනේෂන් මන්තී‍්‍රවරයා රනිල් හමුවීමටවත් නොපැමිණීමයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
300 Views
39,315 Views
16,325 Views
21,703 Views
272 Views
89,134 Views
Top