Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Friday, 14 October 2011 - 20:12
රනිල්ගෙන් ජෝන් රාම්ට විශේෂ දේශනයක්.
4

Shares
490

Views

පළාත් පාලන ආයතන විසිතුනේ ඡන්දය අවසන්වීමත් සමග කොළඹ මහ නගර සභාව ජය ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා දැඩි සතුටකින් පසුවුණා. එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ගත් ඒ.ජේ.එම්.මුසම්මිල්ට නගරාධිපති ධුරය ලබාදීම මෙන්ම වැඩිම මනාප ලබා ගන්නා සිංහල අපේක්ෂකයාට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලබාදීම කල්තියාම තීරණය කර තිබුණා. එහෙත් මුසම්මිල්ට පසු වැඩිම මනාප හිමිකරගෙන තිබුණේ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සී.වී. රාම්ගේ පුත‍්‍රයා වූ ජෝන් රාම්. අවුරුදු 25 ක පමණ තරුණයෙකු වූ ඔහුට නියෝජ්‍ය නගරාධිපතිකම ලබාදිය යුතුයැයි සී.වී.රාම් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට පණිවුඩ එවන්නට වුණා. ඊට ප‍්‍රතිචාර දැක්වු විපක්ෂ නායකවරයා රාම්ව පසෙක තබා ජෝන් රාම්ව තමා හමුවට කැඳවූවා.

එහිදී ජෝන් රාම්ට සිදුවූයේ විපක්ෂ නායකවරයාගේ මිනිත්තු 45 ක දේශනයකට සවන්දීමටයි.

දේශපාලනය ඉස්සෙල්ලා අවබෝධ කර ගන්න  ඕනේ. ඉතිහාසය, කොළඹ නගර සභා ඉතිහාසය, නගරාධිපතිවරයෙක් කියන්නේ කවුද, නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් කියන්නේ කවුද, ඒ කිසි දෙයක් දන්නේ නැතිව අත්දැකීම් නැතිව පළාත් පාලන ආයතනයක ප‍්‍රධානියෙක් හරි උප ප‍්‍රධානියෙක් හරි වෙන්න බැහැ.

අඛණ්ඩව සිදුකෙරුණු මෙම දේශනයෙන් පසු ජෝන් රාම් ඉවසීමෙන් දේශපාලනය කිරීමට පොරොන්දු වී නියෝජ්‍ය නගරාධිපති සිහිනය අතහැර විපක්ෂ නායකවරයාට සුබ පතා ඉවත්ව ගියේ අනාගතය යහපත් බව කල්පනා කරමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
300 Views
39,315 Views
16,325 Views
21,703 Views
272 Views
89,134 Views
Top