%E0%B6%B8%E0%B6%A9+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B6%E0%B7%84%E0%B6%9A%E0%B7%8A.
Friday, 14 October 2011 - 20:15
මඩ වෙබ් ගැන කතාබහක්.
3

Shares
465

Views

පැපිලියාන සුනේත‍්‍රාදේවී පරිවේනාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ උපන්දිනය පසුගිය සඳුඳා (10) යෙදී තිබුණා. ජනාධිපතිවරයා උන්වහන්සේට සුබ පැතීම සඳහා එහි ගියේ පූර්ව දැනුම්දීමකින් තොරවයි. අභයතිස්ස හිමියන් සමග ටික වේලාවක් කතාබහ කර සුබ පැතුම් එක්කළ ජනාධිපතිවරයා නැවත මන්දිරයට ගියේ අවට ප‍්‍රදේශයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ද හොඳින් නිරීක්ෂණය කරමින්.

පසුදින කිසියම් වෙබ් අඩවියක ජනාධිපතිවරයාත්, අභයතිස්ස හිමියනුත් අතර සිදුවු කතාබහට කිසිසේත්ම සම්බන්ධ නැති ප‍්‍රකාශයක් පළ වී තිබුණා. මේ ගැන දැනගත් අභයතිස්ස හිමියන්ට ඇතිවු සිත් වේදනාව නිසාම උන්වහන්සේ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේට දුරකතනයෙන් කතා කළා.

බලන්න මහත්තයෝ මේ වෙබ් අඩවි කරන අපරාධ, මමත් ජනාධිපතිතුමත් අතර ඔය කියන කිසිම ප‍්‍රකාශයක් කියැවුණේ නෑ. මේවා හරි පාපකාරී වැඩ.

ඕවට කලබල වෙන්න හොඳ නෑ අපේ හාමුදුරුවනේ, ජනාධිපතිතුමාටත් පවුලේ අයටත් සමහර වෙබ් අඩවි වලින් කොච්චර මඩ ගහනවද ? ඒවායේ විපාක ඒ අයටම ලැබෙයි.


පසුව අභයතිස්ස හිමියන් දුරකතනය විසන්ධි කළේ මෙවැනි ප‍්‍රකාශයක්ද සිදුකරමින්.

ජනාධිපතිතුමා හරිම නිහතමානි මනුස්සයෙක්. මේ සිද්ධියෙන්ම පේනවා කොච්චර කතා ගොතලා එතුමාට මඩ ගහන්න සමහර මාධ්‍ය උත්සාහ කරනවාද කියලා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top