Hirunews Logo
%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%91%E0%B6%BA%E0%B7%92.+-++%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Sunday, 28 July 2013 - 15:59
දයාසිරි එයි. - වයඹ බෙදෙයි.
12

Shares
1,527

Views

දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයාගේ පක්ෂ මාරුව ගත වූ සතියේ දේශපාලන කරලියේ උණුසුම්ම මාතෘකාව වුණා. ඒ පිළිබඳ අප දිගු කලකට පෙර කරුණු හෙළිකලත් නිරන්තරයෙන් එම ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කළ දයාසිරි මන්ත‍්‍රීවරයා පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකරලයි ආණ්ඩුවට ගියේ. ඔහුගේ කථාවේ චෝදනා වගේම සැගවුණු කතන්දරත් බොහෝමයක් අන්තර්ගත වුණා. දයාසිරි යන එක නවත්වන්න විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ උත්සාහ නොදැරුවාම නොවේ. එහෙත් ඔහු යන්න ගියා. ඊට කලින් මන්ත‍්‍රී දයාසිරි හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා බදාගෙන අඩලා තිබ්බේ පාර්ලිමේන්තුවේදී.

දයාසිරි මන්ත‍්‍රීවරයා මන්ත‍්‍රීකමින් අස්වෙලා වයඹ මහඇමති සටනට යෑමත් සමග සන්ධානයේ වයඹ අවුල් ටිකක් වැඩිවුණා. එස්.බී.නාවින්න ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සහ අතුල විජේසිංහ වයඹ හිටපු මහඇමතිවරයා අතර ගැටුම දිගුකලක් තිස්සේ තිබ්බ එකක්. දයාසිරිගේ පැමිණීමත් සමග නාවින්න ඇමතිතුමාගේ වාරියපොල ගෙදර සෙනෙසුරාදා මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මේකට අතුල විජේසිංහ හිටපු මහඇමති වගේම, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිතුමත් ඇවිල්ල හිටියේ නැහැ. එදිනම මාධ්‍ය හමුවක් පවත්වපු මහඇමතිවරයා කිව්වේ තමන් පළාත් සභා සටනෙන් ඉවත් වන බවට පළ වන ප‍්‍රචාර අසත්‍ය බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ගැටලූවක් පවතින බවත් ඔහු එහිදී ප‍්‍රකාශ කළා.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාව පසුගියදා රැස්වෙලා වැඩිපුර කථා කළේ ජාතික ප‍්‍රශ්නය විසඳීමේ විශේෂ කාරක සභාව ගැනයි. ඉලක්ක සහගත න්‍යාය පත‍්‍රයක් යටතේ පොලිස් බලතල සහ ඉඩම් බලතල ඇතුළු බෙදුම්වාදී බලතල ගැන සාකච්ඡා නොවුනහොත් මෙම කාරක සභාවට සහභාගිවී වැඩක් නොමැති බව මෙහිදී පක්ෂයේ ස්ථාවරය වුණා. එසේ වුවහොත්, විශේෂ කාරක සභාවෙන් ඉවත් වීමට ඔවුන් සූදානම්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මන්නාරමේ ඩොරික් බංගලාව මුහුදු ඛාදනයට ලක්වෙයි
Friday, 07 September 2018 - 8:05
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ‍ෆේඩ්රික් නොර්ත් විසින් සිය... Read More
News Image
Hiru News Programme Segments
1,515 Views
640 Views
6,583 Views
6,382 Views
231 Views
44,731 Views
Top