Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Sunday, 04 August 2013 - 13:34
ජනපතිගෙන් කෙහෙළියට දැනෙන විහිළුවක්.
12

Shares
1,456

Views

ගතවූ සතියේ පළාත් සභා ඡන්ද උණුසුම අතරතුර දේශපාලන සමාජයේ විවිධ සිදුවීම් සිදුවුණා. සතිය ආරම්භයේදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රවෘත්ති කතෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් හමුවුණේ රටේ ලෝකයේ සිදුවන දේ පිළිබඳව ඔවුන්ගේ අදහස් දැනගන්න. සාකච්ඡුාවේදී උතුරේ ඡුන්දය ගැන වගේම කරුණු කාරණා රැසක් ගැන අවධානය යොමු වුණා. පසුගියදා දිවයිනට පැමිණි බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිත පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු නොවී පිටත්ව යාම පිළිබඳවත් මෙහිදී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් කරුණු විමසුවා. ‘‘එන හැම කෙනාම මාව හම්බවෙන්නෙ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්.  ඕනම රටකට එහෙම අය ඇවිත් යනවා. දැන් ඔය අපේ කට්ටියත් පිට රටවල යන්නේ. එහෙම ගිහිල්ල සමහරු පත්තරවල නමත් දාගන්නවා. ඔය හෝටල්වලින් පනින්න ගිහින්.’’ එහෙම කියපු ජනාධිපතිවරයා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා දිහා බැලූවාම කාගෙත් අවධානය ඒ දෙසට යොමුවුණා.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවත් පසුගියදා රැස්වෙලා වැඩිපුර කථා කළේ පළාත් සභා මැතිවරණය ගැන. හැබැයි හදිසියේ ඉහළ ගිය බදු වැඩි කිරීම් පිළිබඳවත් ඒකේදී සාකච්ඡා වුණා. නාම යෝජනා ගැන විමසන්න විජිත හේරත් මන්ත‍්‍රීවරයා හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට කථා කරපු වෙලාවේ ඔහුනම් කිව්වේ කෝප් කමිටු වාර්තාවෙන් රාජ්‍ය ආයතන බර ගාණක් පාඩු ලබන බව හෙළිවීමත් එක්ක මේක වුණා කියලා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කාන්තාරකරණයට අත වනන පුත්තලමේ කඩොලාන විනාශය
Monday, 13 August 2018 - 18:52
පුත්තලම වෙරළ තීරය ආශ්‍රිතව ඇති  කඩොලාන ශාඛ කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් පවතින බවට තොරතුරු... Read More
News Image
News Image
Hiru News Programme Segments
891 Views
550 Views
5,949 Views
5,566 Views
138 Views
41,520 Views
Top