Hirunews Logo
%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F.
Sunday, 25 August 2013 - 15:08
මුලතිව්වලදී ජවිපෙට හමුවූ අපූරු මිනිසා.
10

Shares
1,233

Views

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉරිදා උදේම බෙලරුස් රාජ්‍යය බලා පිටත්වුණා. ඒ ගුවන්තොටුපලට යන අතරමඟදී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයත් ජනාධිපතිවරයා නිරීක්ෂණය කළා. බෙලරුස් චාරිකාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි ජනාධිපතිවරයා වගේම රාජ්‍ය නිලධාරින් රැසක් හමුවීමට නියමිතව තිබෙනවා. ගිවිසුම් කිහිපයකටත් අත්සන් කෙරෙන බව තමයි දේශපාලන ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ. ඉරිදා පෙරවරු 9.48 ට පමණ ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ දිවයිනට පැමිණියා. ඇය හමුවන්න ගුවන්තොටුපලේදී මාධ්‍යවේදීන්ට නම් අවස්ථාවක් ලැබුණේ නැහැ.

මැතිවරණ උණුසුම අවසන් වී නැතත්, පසුගිය සතියේ මේ සතියේ ගොඩක් අය කථා වුණේ නවනීදන් පිල්ලේගේ ශ‍්‍රී ලංකා සංචාරය ගැන. දැන් ඇය දිවයිනට පැමිණ හමාරයි. සතියක් පුරා ඇය සාකච්ඡා වගේම සංචාරත් සූදානම් කර තිබෙනවා. රජය කියන්නේ ඇයගෙන් අපක්ෂපාතී වාර්තාවක් බලාපොරොත්තු වෙනවා කියලා. තමා නිරවුල් මනසකින් ලංකාවට එනවා කියලත් නවිපිල්ලේ කියලා තිබ්බා. රජයේම ආරාධනනයකින් ඇය දිවයිනට පැමිණියත් ආණ්ඩුව නියෝජනය කරන හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ වැඬේට එච්චර කැමති නැති පාටයි.

හෙළ උරුමයේ නායකයෝ පසුගියදා රැස්වෙලා මේ ගැන කරුණු සාකච්ඡා කළා. ඒකෙදී ඔවුන් ප‍්‍රකාශ කළේ නවිපිල්ලේ නිරන්තරයෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව කරුණු සඳහන් කරපු බව. ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලයත් මේ ගැන විශේෂ අවධානයක් යොමු කළා. ‘‘මේක ශ‍්‍රී ලංකාවට එරෙහි තවත් වාර්තාවක් සකස් කරන්න කෙරෙන උත්සාහයක්. අද මේ රටේ විපක්ෂයේ කාර්ය භාරය අතට අරන් තියෙන්නේ ඇමරිකානු තානාපති කාර්යාලය.’’ ඔවුන් එහෙම කියද්දී ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා නම් කිව්වේ ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත රකින්න හෙළ උරුමය සහ නිදහස් පෙරමුණ නියෝජනය කරන ගොබිලො දෙන්නෙක් වැඩ කරනවා කියලා.

ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා තමන්ට හම්බවුණු අපූරු කෙනෙක් පිළිබඳව පසුගියදා සෝමවංශ අමරසිංහ නායක සහෝදරයාට පුංචි කථාවක් කිව්වා. මේ අපූරු පුද්ගලයා හඳුන්නෙත්ති මන්ත‍්‍රිවරයාට හම්බවෙලා තියෙන්නේ මුලතිව් ප‍්‍රදේශයේදියි. ඔහුගේ නම පොන්නදොරේ. මුලතිව් හි හෝටලයක් අයිති ඔහු හොඳට සිංහල කථා කරනවා. ‘‘මන්ත‍්‍රීතුමා, අසූ තුනේ මම හිටියේ කැකිරාවේ. කලබලවලින් පස්සේ අපි මුලතිව්වලට ආවා. මං මට පුළුවන් විදිහට මෙහේ ළමයින්ට සිංහල උගන්වනවා. ළමයි 300 ක් විතර ඉන්නවා. ඒක මේ භාෂා ප‍්‍රශ්ණෙට පොඩි හරි විසඳුමක් වෙයි.’’ පොන්නදොරේ හඳුන්නෙත්තිට එහෙම කිව්වලූ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
137 Views
6,353 Views
5,960 Views
6,027 Views
256 Views
7,865 Views
Top